කොළඹ හා ඒ අවට මහා පරිමානයෙන් හොරොයින් අලෙවිළ පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට
ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුන ජයසුන්දර මහතාගේ නියෝග පරිදි බස්නාහිර උතුර භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක එස්.ඩී.පී.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (25) කොටහේන පොලිස් වසමේ අංක 50/1, හයවන පටුමග කොටහේන ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත. නීති විරෝධී විෂමත්ද්‍රවයක් වන හෙරොයින් අලවිකිරිම සදහ සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු හෙරොයින් ග්‍රෑම් 54 ක් සහ හෙරොයින් අලවිකර උපයාගත් රුපියල් 7,670,000.00 ක ( රුපියල් හැත්තහය ලක්ෂ හැත්තෑ දහසක් ) ක මුදල් හා හෙරොයින් අලවිකිරිමට උපයෝගි කරගත් ජංගම දුරකතන දෙකක්ද සමග ශ්‍රී කදිරේෂන් වීදයේ පදිංචි වයස අවුරුදු 43 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම් තවත් සිදුකරමින් ගෝනහේන කඳවුරේ නිලධාරි පිරිසක් (25) වෙරළබඩ පොලිස් වසමේ වැටලීම් දෙකක් සිදුකර හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. වැලිකඩ බන්ධනාගාර කඳවුරේ නිලධාරි සිදුකළ සෝදිසි කිරිමකදී දුම්කොළ කුඩු සැක සහිත කුඩු ස්වලපයක් තිරපටයේ වම්පස සුදු පැහැති සෙලෝප්ලේන් කොළයක ඔතාගෙන සඟවාගෙන සිටි සැකකාරියක අත්අඩංගුවට ගෙන ඇත. කලවංචිකුඩි කඳවුරේ නිලධාරි කණ්ඩායමක් මංගලගම පොලිස් වසමේ බලපත්‍ර නැතිව මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන වර්ගයේ අවියක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. කැබිතිගොල්ලෑව කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් බොරළුපස් ප්‍රවාහනය කළ අයකු ටිපර් රථයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරි පිරිසක් මිද්දෙණිය පොලිස් වසමේ කේරළ ගංජා ළඟ තබාගෙන සිටි අයකු යතුරු පැදියත් සමග අත්අඩංගුවට ගෙන ඇත. බුත්තල කඳවුරේ නිලධාරි පිරිසක් තණමල්විල පොලිස් වසමේ බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් වැලි කැණීම් කර ප්‍රවාහනය කරමින් සිටි අයකු සමග ටිපර් රථයක් හා එක්ස්කැවේටර් යන්ත්‍රයක් අත්අඩංගුවට ගෙන තිබේ.