25.7 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPවෛද්‍යවරුන්ගේ දෙවන භාෂා ප්‍රවිණතා පුහුණු පාඨමාලාව අඩපණ වීම සම්බන්ධව ජනපති දැනුවත් කරනවා....

වෛද්‍යවරුන්ගේ දෙවන භාෂා ප්‍රවිණතා පුහුණු පාඨමාලාව අඩපණ වීම සම්බන්ධව ජනපති දැනුවත් කරනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

සෞඛ්‍ය අමාත්‍යංශය, ජාතික භාෂා හා අධ්‍යාපන පුහුණු ආයතනය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය පර්යේෂණ සහ නවෝත්පාදන සංගමය එක්ව වෛද්‍යවරුන් සඳහා දෙවන භාෂා පුහුණු පාඨමාලාවක් 2013 වසරේ සිට අඛණ්ඩව වසර 9 ක් පවත්වාගෙන යන අතර ඉන් වෛද්‍යවරුන් 4000 කට වැඩි ප්‍රමාණයකට භාෂා පුහුණව ලබා දීමට හැකි වී ඇත.

නමුත් පසුගිය වසරේ සිට සෞඛ්‍ය අමාත්‍යංශය ඒ සඳහා දක්වන උනන්දුව අඩු වීම හේතුවෙන් එම පුහුණු පාඨමාලාව ඉතාම මන්දගාමි ලෙස 2022 ජනවාරි මාසය තෙක් පවත්වාගෙන ගොස් තිබේ. ජනවාරි මාසයෙන් පසු මේ වන තෙක් පාඨමාලාව පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය අපොහොසත් වී ඇත. එයට හේතුව ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා ඇත්තේ ඒ සඳහා ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යංශය සතුව නොමැති බවය.

ශ්‍රී ලංකා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවත්, සෞඛ්‍ය අමාත්‍යංශයත් යන දෙකම රාජ්‍ය ආයතන වන බැවින් එම ආයතන වල තීරණ ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට එකඟතාවයකට පැමිණ මෙම පාඨමාලාව පැවැත්වීමට හැකියාව තිබුණත්, අපට පෙන්නුම් වන කාරණය වන්නේ මෙම පාඨමාලාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා කිසිදු උනන්දුවක් සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ අංශය නොදක්වන බවයි.

වෛද්‍යවරුන්ගේ මෙම භාෂා පුහුණුව හරහා ලෝකයේ දියුණු අනිකුත් රටවලට වඩා සමානාත්මතාවයෙන් යුත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් රට පුරා පවත්වාගෙන යාම සඳහා සමත් වී ඇත.

රජයකට, රෝගීන්ගේ මව් භාෂාවෙන් සන්නිවේදනය කළ හැකි වෛද්‍යවරුන් බිහිකිරීම සඳහා සිදු කරන පාඨමාලාව කෙරෙහි අවශ්‍ය දායකත්වය ලබා දීම තුලින් රට තුල සංහිඳියාව සහ සමානාත්මතාවය සෞඛ්‍ය සේවාව තුළ තහවුරු කිරීමට හැකි වේ.

ඒ අනුව ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා සමග පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කොට වෛද්‍යවරුන්ගේ දෙවන භාෂා පුහුණු පාඨමාලාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය හා ශ්‍රී ලංකා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව අතර එකඟතාවයක් ඇති කර ගැනීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments