ශ්‍රි ලංකාවේ ලියාපදිංචි නොකල හා රජය විසින් තහනමට ලක්කරන ලද පළිබෝධ නාශක තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් මත විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට බස්නාහිර උතුරු බාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක එස්.ඩී.පී.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරී කණ්ඩායමක් (01) මීගමුව පොලිස් වසමේ අංක 48, ජුම්මා මස්ජිත් මාවත, පෙරියමුල්ල, මීගමුව ලිපිනයේ දී වැටලීමක් සිදු කර ඇත.
එහි දී ශ්‍රි ලංකාවේ ලියාපදිංචි නොකල හා රජය විසින් තහනමට ලක්කරන ලද පළිබෝධ නාශක සන්තකයේ තබාගෙන සිටි පෙරියමුල්ල, මීගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
එහිදි
අත්අඩංගුවට ගත් භාණ්ඩ වනුයේ IMAGE නැමති 05 g බර තිබෙන පළිබෝධ නාශක පැකට් 2,150 යි, CORAGEN නැමති 10 ml අඩංගු පළිබෝධ නාශක බෝතල් 43ක්,QUBA නැමති 100 ml අඩංගු පළිබෝධ නාශක බෝතල් 35ක්,AMSAC නැමති 200 ml අඩංගු පළිබෝධ නාශක බෝතල් 08ක් හා CORAGEN නැමති 01 L අඩංගු පළිබෝධ නාශක බෝතල් 07 ක්වේ.