28.8 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්police newsනීති විරෝධි මත්ද්‍රව්‍ය හා දුම්වැටි ජාවාරමක සුලමුල එස්.ටී.එෆ්. සොයාගනී.

නීති විරෝධි මත්ද්‍රව්‍ය හා දුම්වැටි ජාවාරමක සුලමුල එස්.ටී.එෆ්. සොයාගනී.

නීති විරෝධී ලෙස තීරු බදු නොගෙවා රුපියල් ලක්ෂ හතකට අධික වටිනාකමින් යුතු දුම්වැටි තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට

ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් මත මෙම වැටලීම් සිදුකර ඇත.
විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව උප පොලිස් පරීක්ෂක ඒස් කේ. කාහිංගල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (02) වෙරළබඩ පොලිස් වසමේ මුතුවැල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක් ඉදිරිපිටදී වැටලීමක් සිදු කර ඇත.

එහි දී රජයේ රූපමය අවවාද නොමැති තීරු බදු මුදල් නොගෙවා මෙරටට නීති විරෝධීව ආනයනය කරන ලැබු රුපියල් ලක්ෂ හතකට අධික වටිනාකමින් යුතු දුම්වැටි තොගයක් සන්තකයේ තබාගෙන සිටි ප්‍රනාන්දු මාවත කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වෙරළබඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

විශේෂ කාර්ය බලකාය නිලධාරීන් හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනකු ගේ අත්අඩංගුවට

ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක එෆ්. මදුරංග ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (02) වැල්ලම්පිටිය පොලිස් වසමේ දී වැටලීමක් සිදු කර ඇත.

එහි දී මෙරටට නීති විරෝධීව හොර රහසේ ආනයනය කර තිබුණු රුපියල් ලක්ෂ යකට අධික වටිනාකමින් යුතු හෙරොයින් ග්‍රෑමි 11 මිලිග්‍රෑමි 160ක් සන්තකයේ තබාගෙන සිටි අංගොඩ හා මුල්ලේරියාවේ පදිංචි වයස අවුරුදු 36ක හා 51ක පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments