රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ග්‍රාමීය ආර්ථිකය නංවාලීමේ වැඩපිළිවෙල යටතේ කිරිඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ එල්ලාවල පහළගම, මැණික් කැපීමේ හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානය අද (03)දින ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ජනතා අයිතියට පත් කරන ලදි.
“නීල පළිඟු ගම්මානය” ලෙස නම් කරමින් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය යටතේ මැණික් කැපීමේ කර්මාන්තකරුවන් සඳහා රුපියල් ලක්ෂ 20 ක් වටිනා මැණික් කැපීමේ යන්ත්‍ර 13 ක් අමාත්‍යවරිය විසින් ලබා දුන් අතර අවශ්‍ය යටිතල පහසුකම් සකසා ගැනීමට රුපියල් ලක්ෂ 44 ක් දලබා දී ඇත.
එමෙන්ම මෙම කර්මාන්තකරුවන්ට ජාතික මැණික් සංස්ථාව විසින් මැණික් කැපීමේ සහ ඔප දැමීම පිළිබඳ විශේෂ පුහුණුවක් ද ලබා දී ඇත. මෙම අවස්ථාව සඳහා කුරුවිට ප්‍රාදේශිය සභාවේ උප සභාපති අනිල් ලියනගේ, කිරිඇල්ල ප්‍රාදේශිය ලේකම් එස්.එම්.පී.සී. සමරකොන් යන මන්ත්‍රීවරුන් සහභාගී විය.