ශ‍්‍රී ලාංකීය ලකඹර සුරැකීම තම වගකීම කර ගත් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සිය අභිමානවත් වු 71 වන සංවත්සරය 2022 මාර්තු මස 02 වන දින වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රි ලංකා ගුවන් හමුදා කටුනායක මුලික කඳවුරේ දි අභිමානවත් අයුරින් සැමරිමට කටයුතු සංවිධානය කර ඇත.
ශී‍්‍ර ලංකාව තුල ගුවන් හමුදා ඉතිහාසයේ ආරමිභය වර්ෂ 1951 මාර්තු 02 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාව ස්ථාපිත කිරීමත් සමග සිදු වු අතර ඉන් අනතුරුව 1972 මාර්තු 02 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාව ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව බවට පත්වන ලදි. ලක්අඔර සුරකින්නට “සුරකිමු ලකඹර” උදෘත පාඨය පෙරදැරි කර ගනිමින් පුරා වසර 71 ක් තම මෙහෙවර මව් බිම වෙනුවෙන් නිසි අයුරින් ඉටු කිරීමට ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවට හැකි විය.
විජයග‍්‍රාහි මානුෂිය මෙහෙයුෙමිදි යුධ ජයග‍්‍රන ලබා ගැනිම සදහා නිරතුරු ගුවන් සහය ලබා දෙමින් සතුරු ඉලක්ක විනාශ කිරිම සදහා සක‍්‍රිය දායකත්වය ලබාදුන් ශී‍්‍ර ලාංකීය ගුවන් තලයේ නිත්‍ය ආරක්ෂකයා වන ශි‍්‍ර ලංකා ගුවන් හමුදාව ලක් ගුවන් තලය සුරකිනවා සේම නිරතුරු මාතෘ භූමියට සිදු වූ ස්වභාවික විපත්වලදී ද ජනතාව මුදවා ගැනිමේ මෙහෙයුම් හා සුභසාධන කටයුතු ඉටුකිරිම සදහා ද සුවිශේෂී දායකත්වයක් දක්වමින් මානුෂිය මෙන්ම නව තාක්ෂණ දැනුම හා වෘත්තිමය පරිණත භාවය මෙන්ම විනය ගරුක බවින් ද පරිපූර්ණව අභිමානවත් හමුදාවක් ලෙස තම කාර්යයන් නිසි ලෙස ඉටුකරන ලදි.
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් හමුදාධිපතිවරුවන් 18 දෙනෙකුගේ නායකත්වය සහ මගපෙන්වීම යටතේ වසර 71 ක් ශී‍්‍ර ලාංකීය ලකඹර සුරැකිමින් තම මෙහෙවර මව්බිම වෙනුවෙන් නිසි අයුරින් ඉටු කලා සේම ඉදිරියටත් මාතෘ භූමිය වෙනුවෙන් තම මෙහෙවර ඉටු කිරිමට නිරතුරු සූදානමින් සිටි……..