23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsතීරුබදු නොගෙවා රුපියල් විසිඅටලක්ෂයකට වැඩි වටිනාකමක් ඇති දුම්වැටි තොගයක් ප්‍රවාහනය කරමින් සිටිද්දි...

තීරුබදු නොගෙවා රුපියල් විසිඅටලක්ෂයකට වැඩි වටිනාකමක් ඇති දුම්වැටි තොගයක් ප්‍රවාහනය කරමින් සිටිද්දි එස්.ටී.එෆ්. අත්අඩංගුවට ගෙන තිබේ.

නීති විරෝධී ලෙස තීරු බදු නොගෙවා මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ විසි අටකට අධික වටිනාකමින් යුතු දුම්වැටි හතලිස් දහසක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය I හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් මත ස්ථානාධිපති පොලිස් පොලිස් පරික්ෂක පී.කේ.ඩී.ආර්.කේ. දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් 1605 ට වැල්ලමිපිටිය පොලිස් වසමේ අංක 97/70/බී, සමඟි මාවත, වෙලේවත්ත පාර, වැල්ලම්පිටිය ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිට දී වැටලීමක් සිදු කර එහි දී තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වන ලැබු රජයේ රූපමය අවවාද නොමැති රුපියල් ලක්ෂ විසි අටකට අධික වටිනාකමින් යුතු දුම්වැටි හතලිස් දහසක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බාබර්වීදිය සහ ආදුරුප්පුවීදිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 සහ 21 වන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලමිපිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

රුපියල් හැටදහසකට වැඩි වටිනාකමකින් යුතු හෙරොයින් ජාවාරම් කරමින් සිටි කාන්තාවක් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් මත විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර උතුර බාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (03) රාගම පොලිස් වසමේ අංක 36, සමඟි මාවත රාගම ලිපිනයේ දී වැටලීමක් සිදු කර
එහි දී හෙරොයින් ග්‍රෑම් 06, මිලි ග්‍රෑම් 60 ක් හා හෙරොයින් අලෙවිකර උපයන ලැබු රුපියල් හතලිස් දහසක මුදලක් හා ජංගම දුරකතනයක් සන්තකයේ තබාගෙන සිටි සමඟි මාවත,රාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 57 වන කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රාගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදි අලුත්ගම කඳවුරේ නිලධාරී පිරිසක් වැලිපැන්න පොලිස් වසමේ වැටලීමක් සිදුකර නීති විරෝධි මත්පැන් ලීටර් 33.75ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. ගෝනහේන කඳවුරේ නිලධාරි පිරිසක් කඳාන පොලිස් වසමේ වැටලීමක් සිදුකර නීති විරෝධි මත්පැන් ලීටර් 33.75ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. මාන්කූලම් කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ වැටලීම් දෙකක් සිදුකර බලපත්‍ර නැතිව ට්‍රැක්ටර් රථයකින් වැලි ප්‍රවාහනය කරමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. දඹුල්ල කඳවුරේ නිලධාරි පිරිසක් ගිරානේගම පොලිස් වසමේ වැටලීමක් සිදුකර බලපත්‍ර නැතිව දඹුළු ඔයෙන් වැලි කැණීම් කරමින් සිටි අයකු ටිපර් රථයක් සමග අත්අඩංගුවට ගෙන ඇත. සෙට්ටිකුලම කඳවුරේ නිලධාරි පිරිසක් මැදවච්චිය පොලිස් වසමේ වැටලීමක් සිදුකර බලපත්‍ර නැතිව විදේශීය රටක නිෂ්පාදිත බොර් 12 වර්ගයේ අවියක් (1180817MOD151) හා එයට යොදනු ලබන පතුරම් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. අරන්තලාව කඳවුරේ නිලධාරි පිරිසක් මංගලගම පොලිස් වසමේ වැටලීම් දෙකක් සිදුකර බලපත්‍ර කොන්දේසී උල්ලංඝණය කරමින් මංගලඔය තුලට ට්‍රැක්ටර් රථය ඇතුළුකර වැලි කැණීම් කිරීම සහ ෆයිබර් බෝට්ටුවක් මගින් වැලි පටවමින් සිටි සිව්දෙනකු එම ට්‍රැක්ටර් රථය සහ ෆයිබර් බෝට්ටුවක් සමග අත්අඩංගුවට ගෙන ඇත. කලවංචිකුඩි කඳවුරේ නිලධාරි පිරිසක් කාත්තන්කඩි පොලිස් වසමේ වැටලීමක් සිදුකර නීති විරෝධිව මත්ද්‍රව්‍ය වන අයිස් ග්‍රෑම් හයක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. ලාහුගල කඳවුරේ නිලධාරි පිරිසක් පොතුවිල් පොලිස් වසමේ වැටලීමක් සිදුකර බලපත්‍ර නැතිව සොරකම් කළැ යැයි සැකපිට හිංසාකාරි ලෙස, ප්‍රවාහනය කරමින් සිටි එළගවයින් පස්දෙනකු සමග තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. පුත්තලම කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ වැටලීම්ක් සිදුකර නීති විරෝධිව මත්ද්‍රව්‍යව අයිස් ග්‍රෑම් 2.4ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.කුරුණෑගල කඳවුරේ නිලධාරි පිරිසක් හෙට්ටිපොළ පොලිස් වසමේ වැටලීමක් සිදුකර නීති විරෝධි කේරළ ගංජා ග්‍රම් 350ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. කෑගල්ල කඳවුරේ නිලධාරි පිරිසක් රඹුක්කන පොලිස් වසමේ වැටලීමක් සිදුකර හෙරෝයින් ග්‍රෑම් 1.6ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. සියඹලාණ්ඩුව කඳවුරේ නිලධාරි පිරිසක් දඹගල්ල පොලිස් වසමේ වැටලීමක් සිදුකර නීති විරෝධි මසුන් මැරීමේ ධීවර උපකරණ (තහනම් දැල්) දහයක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. දෙනියාය කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 0.3ක් ළඟ තබාගෙන සිටි සිටි අයකු අත්අඩංගුව ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments