ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය (04) මොහාලිහිදී ආරම්භ විය.
පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම, අද දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 357කි.
තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ඉන්දීය නායක රෝහිත් ෂර්මා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.
මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන 300 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය වීම විශේෂත්වයකි.
ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි සහභාගී වන 100 වැනි ටෙස්ට් තරගය ද මෙය වේ.
ඉන්දීය පළමු ඉනිමේ කඩුලු 5 ක් ලකුණු 228 තුළ බිඳ වැටුණි.
5 වැනි අර්ධ ශතකය වාර්තා කළ හනුමා විහාරි ලකුණු 58 කට දැවී ගියේය.
විරාත් කෝලි ලකුණු 45 යි.
8 වැනි අර්ධ ශතකය වාර්තා කළ රිශාබ් පාන්ට් ලකුණු 96 කට දැවී ගියේය.
පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 2 ක් දවා ගත්තේය.