25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367ක් ආනයනය කිරීම, බලපත්‍ර පාලනයට නතු කරමින් ආනයන...

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367ක් ආනයනය කිරීම, බලපත්‍ර පාලනයට නතු කරමින් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රැසක් ආනයනය ,සීමා කිරීමට රජය පියවර ගෙන තිබේ.

මෙම සීමා කිරීම් හෙට (10) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම සීමා කිරීම ක්‍රමවේද තුනක් යටතේ සිදුකර තිබේ.

එහිදී ඇතැම් භාණ්ඩ ආනයන සීමා කර ඇත්තේ බදු ඉහළ දමමිනි.

තවත් භාණ්ඩ ගණනාවක් රටට ගෙන්වීමේදී බලපත්‍ර ලබා ගත යුතුවේ.

ඇතැම් භාණ්ඩ සීමා කර ඇත්තේ, බදු මෙන්ම බලපත්‍ර යන ක්‍රමවේද දෙකම ක්‍රියාත්මක කරමිනි

ඒ අනුව මේ යටතේ,

මස් හා මාළු නිෂ්පාදන
කිරි ආශ්‍රිත නිෂ්පාදන
පළතුරු
පිටි ආශ්‍රිත නිෂ්පාදන
සකස් කරන ලද ආහාර
චොකලට්
පැස්ටා වර්ග
මත්පැන් හා බීම වර්ග
දුම්වැටි ඇතුළු දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන
සුවඳ විලවුන් ඇතුළු රූපලාවන්‍ය නිෂ්පාදන
මුඛ සෞඛ්‍යයට අදාළ නිෂ්පාදන
ඉටිපන්දම් හා ලාම්පු වර්ග
රබර් ආශ්‍රිත නිෂ්පාදන
ලෙදර් ආශ්‍රිත නිෂ්පාදන
ගමන් මළු
හම් ආශ්‍රිත නිෂ්පාදන
කාපට්
ඇගළුම් හා ආශ්‍රිත නිෂ්පාදන
පාවහන්
හිස්වැසුම්
කුඩ
පනා
සෙරමික් නිෂ්පාදන
වීදුරු නිෂ්පාදන
විදුලි නොවන ගෘහස්ත උපකරණ
මුළුතැන්ගේ උපකරණ
ගෘහ භාණ්ඩ
විදුලි උපකරණ
පරිගණක උපකරණ
ඇස් කණ්නාඩි
ඔරලෝසු
සංගීත භාණ්ඩ
සෙල්ලම් බඩු

ආනයනය සීමා වනු ඇති.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments