26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedමුහුදේදී අනතුරට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙන ඒම සඳහා නාවික හමුදා සහය.

මුහුදේදී අනතුරට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙන ඒම සඳහා නාවික හමුදා සහය.

හම්බන්තොට සිට නාවික සැතපුම් 24ක් පමණ (කිලෝ මීටර් 44ක් පමණ)  දුරින් නැ‍ගෙනහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී, පපුවේ වේදනාවක් හේතුවෙන් ආසාධිත වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදාව (16) රාත්‍රියේ කටයුතු කර තිබේ.

ගාල්ල ධීවර වරායෙන් 2022 පෙබරවාරි මස 24 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘නුවන්ති 1’ නැමැති බහු දින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු පපුවේ වේදනාවක් හේතුවෙන් ආසාධිත වූ බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි සාගරික මුදවා ගැනීම් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දෙන ලදී.

ඒ අනුව, එම දැනුම් දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, එම ධීවරයා ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒම සඳහා දකුණු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක මුර යාත්‍රා බලඝනයට අයත් පී 422 යාත්‍රාව අනතුරටපත් ධීවරයා සිටි බහුදින ධීවර යාත්‍රාව තිබූ මුහුදු ප්‍රදේශයට යොමු කරන ලදී. අසාධ්‍යව සිටි ධීවරයා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත ලබා ගැනීමෙන් අනතුරුව ප්‍රථමාධාර ලබා දෙමින් හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි.

තවද, ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව නිරත්නතර සුදානමෙන් සිටී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments