කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර උතුර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.ජේ. සිල්වෙස්ටර් විජේසිංහ මහතාට ලබුණු තොරතුරකට විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ දෙවන කදවුර අණදෙන නිලධාරී . පොලිස් පරික්ෂක . එස්.පී. ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (20) රාගම පොලිස් වසමේ අංක 856, දම්මසිද්දි මාවත, අම්බලම හන්දිය, රාගම ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
කේරළ ගංජා ග්‍රෑම් 605 ක් හා ජාවාරමින් උපයාගත් මුදල් රුපියල් 140,200.00 ක් සන්තකයේ තබාගෙන සිටි රාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රාගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
L.T.T.E. සංවිධානය විසින් ගසක් මුල සඟවා තිබූ පුද්ගල නාශක බෝම්බ 04 ක් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් සොයාගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය පුවරසන්කුලම් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව උප පොලිස් පරීක්ෂක ඩබ්.පී.එස්. ඔබේසේකර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (20) පුවරසන්කුලම් පොලිස් වසමේ වේලන්කුලම් රක්ෂිතයේ, සෙංකල්පඩෛ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී පසුගිය යුධ සමයේ L.T.T.E. සංවිධානය විසින් ගසක් මුල සඟවා තිබූ පුද්ගල නාශක බෝම්බ 04 ක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුවරසන්කුලම් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
හපුතලේ කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ බෙරගල හපුතලේ අතර මාර්ගයේ SKYFALL නැමැති සංචාරක හෝටලය අසලදි නිසි බලපත්‍රයක් නැතිව හිංසාකාරි ලෙස ලොරි රථයකින් මීගවයින් ප්‍රවාහනය කළ දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. අලුත්ගම කඳවුරේ නිලධාරි පිරිසක් වැලිපැන්න පොලිස් වසමේ මුදලිගම මාවත, බෝන්දුපිටිය ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. පුත්තලම කඳවුරේ නිලධාරි පිරිසක් පල්ලම පොලිස් වසමේ මදවක්කුලම, ආඩිගම ප්‍රදේශයේදි බලපත්‍ර නැතිව ගවඝාතනාගාරයක් පවත්වාගෙන යෑම හා බලපත්‍ර නැතිව ඒළ ගවයින් ඝාතනයකර ඒම මස් නීති විරෝධි අයුරින් ප්‍රවාහනයට සූදානම්කර තිබියදි සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. සමන්තුරේ කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ සේනවට්ට ඇලෙහි බලපත්‍ර නැතිව ස්ථාන කිහිපයකින් ට්‍රැෆේ වර්ගයේ ට්‍රැක්ටර් රථයක් ඇල තුලට බස්සවා වැලි කැණීම් කර පටවමින් සිටි අයකු හා ඒම රථය අත්අඩංගුවට ගෙන තිබේ. අගුණකොලපැලැස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරි පිරිසක් එම බන්ධනාගාරයේ රැඳවියන් හා කාර්ය මණ්ඬල පරීක්ෂා කරන ස්ථානයේදි බන්ධනාගාරය තුලට නීතී විරෝධි ලෙස තහනම් භාණ්ඩ රැගෙන යෑමට උත්සහ කළ රැඳවියකු අත්අඩංගුවට ගෙන ඇත. අම්බලන්තොට කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ නෝනාගම හංදිය ප්‍රදේශයේ බලපත්‍ර නැතිව ගවමස් අලෙවිය සඳහා ත්‍රීරෝද රථයෙන් ප්‍රවාහනය කරන ලැබු අයකු අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම අගුණකොළ පැලැස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරි පිරිසක් එම බන්ධනාගාරයේ රැඳවියන් හා කාර්ය මණ්ඬලය පරීක්ෂා කරන ස්ථානයේදි බන්ධනාගාරය තුලට නීති විරෝධි ලෙස තහනම් භාණ්ඩ රැගෙනයෑමට උත්සහ කළ සිරකාරියක අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර බුද්ධි ඒ්කකයේ නිලධාරින්ගෙන ලැබුණු තොරතුරකට අනුව අනුරාධපුර කඳවුරේ නිලධාරි පිරිසක් තඹුත්තේගම පොලිස් වසමේ මහවැලි ආර්ථික මධ්‍යස්ථානයේ රථගාල තුලදි ලියාපදිංචි නොකරනු ලැබු තහනම් වල් නාශක හා මෙරට ලියාපදිංචි නොකර ලැබු කෘමිනාශක ළඟ තබාගෙන ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. පුලියන්කුලම කඳවුරේ නිලධාරි කණ්ඩායමක් එම පොලිස් වසමේ පෙරියමඩු රක්ෂිතයේදි මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන ගිනි අවියක් සොයාගෙන ඇත. තිරුක්කෝවිල් කරඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ තාලිපොට්ටිආර් ඇල ප්‍රදේශයේ බලපත්‍ර නැතිව ඇල ඉවුරු ඛාදනය වන අයුරින් ට්‍රැක්ටර් රථ ඇතුළුකර වැලි කැණීම් කිරීම හා පැටවීම සිදුකළ දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. බුත්තල කඳවුරේ නිලධාරි කණ්ඩායමේ එම පොලිස් වසමේ වන්දම ප්‍රදේශයේ අනවසරයෙන් රජයේ කැලෑවක අක්කර විස්සක පමණ භූමි ප්‍රමාණයක් JCB යන්ත්‍රයක් උපයෝගි කරගෙන එලිපෙහෙලි කරමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. හම්බන්තොට කඳවුරේ නිලධාරි පිරිසන් එම පොලිස් වසමේ සමමෝදාගම ප්‍රදේශයේ බලපත්‍ර නැතිව විදේශ රටක නිෂ්පාදිත බෝර 16 වර්ගයේ ගිනි අවියක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. ත්‍රිකුණාමලය කඳවුරේ නිලධාරි පිරිසක් කින්නියා පොලිස් වසමේ තඹලාගමුව මාර්ගයේ පොන්නාරන්තිව් ජමාන් ඉස්ලාම් මදසරා පාසැලට හැරෙන හංදියේ අයිස් සන්තකයේ තබාගන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ.