NOගුටිතේමාවයටතේ ‘ළමුන්ට එරෙහි හිංසන වැළැක්වීමේ ජාතික වැඩසටහනේ’දෙවැනිඅදියර 2022 අප්රේමල්මස 01 දින ගාල්ලෙන් ආරම්භ කිරීමට සියලු කටයුතු සැලසුම් කර තිබේ. මෙහිදී ශ්‍රී ලංකාවේ මෙතෙක් සංවිධානය නොකෙරුණු ආකාරයේ ළමාසුරැකුම් යාත්‍රාවක් පැවැත්වෙනුඇත. ළමාහිංසනයට තිත පදනම(SCC) සහ ළමාආරක්ෂණ සන්ධානය (CPA)එක්ව සංවිධානය කරන මෙම යාත්‍රාව,මුහුදුබඩ මාර්ගයදිගේ සංචාරයක අප්‍රේල් 02 දින කොළඹ නිදහස් චතුරශ්‍රයෙන් අවසන් වනු ඇත.
ගාල්ලෙන් ආරම්හවී, බේරුවල,කළුතර හරහා කොළඹ කොටුවවෙත ළඟාවන මෙම යාත්‍රාවේදී, පසුගියමාස 18 තුළ අපයෝජනයට ලක්කර මරාදමන ලද දරුවන් 12 දෙනෙකු සිහිපත් කරමින් මිනීපෙට්ටි 12 ක්ද රැගෙනයාමට නියමිතය. ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමාආරක්ෂණය වෙනුවෙන් ස්වේච්ඡා තානාපතිවරුන්ලෙස 2022 පෙබරවාරි 21 දිනපත් කරන ලද සාරංග දිසාසේකර, දිනක්ෂි ප්‍රියසාද්, උමාරා සිංහවංශ, හරිත් විජේරත්න, ආදිත්‍යා වැලිවත්ත, ආචාර්ය විසාකේසචන් ද්‍රේසේකරම්, කලාකීර් තිනිරංජනීෂන් මුගරාජා, අභිෂේකා ප්‍රනාන්දු සහ ඔටාරා ගුණවර්ධනද මෙම යාත්‍රාවට එක්වනු ඇත.
“ළමා ආරක්ෂණය ජාතික අර්බුදයක්. දරුවෙකු නිවසෙන්පිටව ගිය පසු ඔහුට හෝ ඇයට මිනීපෙට්ටියක සැතපී නැවත නිවසට පැමිණීමට සිදුවීම තරම් ඛේදවාචකයක් තවත් නැහැ. මේ තත්ත්වයට පිළියම් සෙවීමට අප දැනටමත් ප්‍රමාද වැඩියි. මේ සඳහා දරන උත්සාහයේ එක්පියවරක් වශයෙන්, මෙම යාත්‍රාවේ සමාප්ති උත්සවයේදී දරුවන් 225 දෙනෙකු ‘#225ඕන’ යන තේමාව යටතේ ඓතිහාසික අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිතයි. ජාතික ආරක්ෂක වැඩපිළිවෙළ තුළ දරුවන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් ලබාදෙන ලෙසඉල්ලාසිටීමමෙහිඉලක්කයවීතිබෙනවා. මීට අමතරව මහජන පෙත්සමකට ප්‍රසිද්ධියේ අත්සන් තැබීමටත්,
ළමා ආරක්ෂණ ස්වේච්ඡා තානාපතිවරුන්ගේ සහ ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රවීණයන්ගේ මූලිකත්වයෙන් ප්‍රධාන නගරවල විවිධ වැඩසටහන් පැවැත්වීමටත් අප සැලසුම්කර තිබෙනවා.”ළමා හිංසනයට තිත පදනමේ නිර්මාතෘ-සභාපති සහ ළමාආරක්ෂණ සන්ධානයේ සම කැඳවුම්කාරිණි වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය පැවසුවාය.
අප්‍රේල්(01) මෙම යාත්‍රාවට සහභාගීවන ජනප්‍රිය තරු සමග එක්වී, දරුවන්ගේ ආරක්ෂාව තහවුරුකිරීමේ වැදගත්කම පිළිබඳ පණිවිඩය සමාජයට සන්නිවේදනය කිරීමට එක්වනමෙන් ළමාහිංසනයට තිත පදනම ජනතාවට ආරාධනාකර සිටී. මෙම යාත්‍රාව ( 01) පෙරවරු 9.00 ට ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ අසලින්ද, පස්වරු 1.30 ටබේරුවල වෙළඳපොළ අසලින්ද, පස්වරු 4.00 ට කළුතර ප්‍රධාන බස් නැවතුම්පොළ අසලින්ද ආරම්භවේ. ( 02) වැඩසටහන පෙරවරු 9.00 ට විශේෂ ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලින් ආරම්භවී පස්වරු 2.30ට නිදහස් චතුරශ්‍රයේදී විශේෂ සමාප්ති උළෙලකින් නිමාවේ.
දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට උනන්දුවක් දක්වන පිළිගත් සංවිධාන සම්බන්ධ කරගෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා ආරක්ෂණ සන්ධානය නිර්මාණය කිරීමට ළමාහිංසනයට තිත පදනම කටයුතු කළේය. දරුවන්ට ශාරීරික දඬුවම් පැනවීම නතරකිරීමත්, ශාරීරික දඬුවම් ලබාදීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය 2021 පෙබරවාරි මාසයේදී ලබාදුන් ඓතිහාසික නඩුතීන්දුව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලබාගැනීමත් අරමුණු කරගනිමින්, SCC පදනමවිසින්, CPA සමඟ එක්ව මෙම#NOගුටි වැඩසටහන ආරම්භකරනලදි. දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉලක්ක ගත වහාසාමූහිකව කටයුතු කිරීම තුළින්, විශේෂයෙන්ම රාජ්‍ය ආයතන සමග කටයුතු කිරීමේදී වැඩි සාර්ථකත්වයක් අත්කර ගතහැකි බව මෙම සන්ධානය දැඩිව විශ්වාසකරයි.
ළමා ආරක්ෂණය යනු සාමූහික සමාජ වගකීමකි. SCC පදනම සහCPA එක්ව ළමා අපයෝජනවලට ගොදුරුවූවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාකිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ස්වයංපාලන ආචාර ධර්ම පද්ධතියක් ගොඩනැගීම සඳහා අඛණ්ඩව සහයෝගී ප්‍රයත්න දියත් කිරීමට අපේක්ෂා කරයි. එමෙන්ම ප්‍රජාව තුළ යළියළිත් වින්දිතයින් බිහිවීම වැළැක්වීමටද බලාපොරොත්තුවෙයි. මෙම සමාජ සද්කාර්යය සඳහා සිය දායකත්වය ලබාදීමට කැමැති ඕනෑම අයෙකුට www.stopchildcruelty.com වෙබ්අඩවියහෝwww.facebook.com/stopchildcruelty ෆේස්බුක්පිටුවහෝ[email protected] ඊමේල් ලිපිනය හරහා ඊට සම්බන්ධවිය හැක.

