ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදුකරන ආවේක්ෂණ රාජකාරි වලදී මත් ද්‍රව්‍ය අඩංගු වේ යයි සැක පිට පාර්සල් අටක් පරීක්ෂණ කටයුතු සඳහා නවතන ලදී .
මෙම පාර්සල් බ්‍රිතාන්‍යය,කැනඩාව ජර්මනිය සිට කොළඹ, ගම්පහ හා නුවර ප්‍රදේශ වල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබිණි . පසුව සොයා බැලීමේදී මේවා ව්‍යාජ ලිපිනයන් බව තහවුරු කර ගෙන තිබේ. විවෘත කරන ලද පාර්සල් තුළ kush නැමැති ගංජා විශේෂය 1590 g හා ectasy නැමැති methamphetamine අඩංගු මත් පෙති 601 සොයා ගැනීමට හැකිවි ඇත . අත්අඩංගුවට ගන්නා ලැබු මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම මිලියන 32 කට ආසන්න වේ. මෙම අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකා රේගුව මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සිදුකරන ලැබු අතර ඒ සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහාය ද ලැබී තිබුණි. පරීක්ෂණ කටයුතු අවසානයේ මෙම මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසිය මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිතය .