29.2 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPඅයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවකු මන්නාරමේදී නීතියේ රැහැනට

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවකු මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම තොට්ටක්කාඩු ප්‍රදේශයේ  (02)  රාත්‍රියේ මන්නාරම පොලිස් කොට්ටාශ දූෂණ මර්ධන ඒකකය සමඟ එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine)   ග්‍රෑම් 563ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු (01) නීතියේ රැහැනට හසු කර ගැනීමට කටයුතු කෙරිණි.

මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ ගජබා ආයතනය, මන්නාරම පොලිස් කොට්ටාශ දූෂණ මර්ධන ඒකකය හා එක්ව 2022 අප්‍රේල් මස 02 වන දින රාත්‍රියේ මන්නාරම තොට්ටක්කාඩු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී. එහිදි, සැකකටයුතු නිවසක් පරීක්‍ෂාවට ලක් කර, එම නිවසේ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine)  ග්‍රෑම් 563ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගන්නා ලදී.

මෙලෙස අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 4.5කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් සැකකරු වසය අවුරුදු 47ක් වන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගන්නා ලද අතර, අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය සහ සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments