ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය පනවා ඒ යටතේ ඇඳිරි නීතිය පැනවීමට ක්‍රියාකර තිබෙනවා. මූලිකව ගත්තාම හදිසි නීති තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට හේතුවූ කරුණු, අරමුණු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මහජන ආරක්‍ෂක පනතේ විධිවිධානවලට පටහැනියි. ජනාධිපතිවරයා වෙනත් අරමුණක් ඉටුකර ගැනීමට මෙම පනත් යොදාගෙන තිබෙනවා. හදිසි නීතිය පනවමින් 01 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ ‘ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවශ්‍යතා තත්වයක් පැවතීම හේතුකොට ගෙන’ කියලා. මේ රටේ පුරවැසියන් හැටියට හදිසි තත්වයක් තිබෙන බව අපි දැක්කේ නැහැ. අත්‍යවශ්‍ය ආහාර හා සේවා පවත්වාගෙන යාමට ආණ්ඩුවේ සැපයීම් අඩාල වීම හේතුකොටගෙන ඇති වූ තත්වයක් තිබෙන්නේ. මහජන ආරක්‍ෂක පනතෙන් ප්‍රතිපාදන සපයා නැහැ. මේ නිසා හදිසි නීතිය පැනවීමට හෝ ඇඳිරි නීතිය පැනවීමට කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ නිසා ජනාධිපතිවරයා පැනවූ මේ රෙගුලාසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි. මේ නිසා ජාතික ජන බලවේගයේ නිීතිඥයින් ලෙස හදිසි නීතිය පැනවීමත් ඇඳිරි නීතිය පැනවීමත් සිදුකළ ගැසට් පත්‍ර දෙක ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අපි අභියෝගයට ලක්කරනවා.
රජය ආරක්‍ෂා කිරීම දඩමීමා කරගෙන ජනතාව තලා පෙළන්න පොලීසියට, හමුදාවට බැහැ…
නීතිඥ උපුල් කුමරප්පෙරුම
රටේ ඇතිවී තිබෙන ජනතා කැළඹීම මර්දනය කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභිබවමින් ලංකාවට වෙනත් නීතියක් ගේන්න උත්සාහ කළොත් ජාතික ජන බලවේගයේ නීතිඥයන් හැටියට අපි ඒ සියලු අනීතික තත්වයන් ශ්‍රේෂ්ඨාධිකරනය හමුවේ අභියෝගයට ලක්කරනවා. මිරිහාන සිද්ධියේදී පොලීසිය හා හමුදාවේ හැසිරීම ගැනත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ. උද්ඝෝෂණයට සම්බන්ධ වූ පිරිසෙන් 27කට පොලීසිය, එස්.ටී.එෆ්. එක සහ ජනාධිපති ආරක්‍ෂක අංශයෙන් පහර දී තිබෙනවා. මේ රටේ මිනිස්සුන්ට පහර දෙන්න කිසිම ආරක්‍ෂක අංශයකට හැකියාවක් නැහැ. පොලීසිය හෝ හමුදාව මිනිස්සුන්ට පහර දීලා ඊට පස්සේ වෙන දේ ගැනත් දැන ගන්න ඕනෑ. පහර දීමක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩුවක් පැවරූ පසු නීතිපතිවරයා පොලීසිය වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. පෞද්ගලික නීතිඥයෝ අරගෙන පෙනී සිටින්න ඕනෑ. එවැනි නඩුවක වැරදිකාරයා වුණොත් වන්දි ගෙවන්නත් සිද්ධ වෙනවා.
මිනිස්සු ඇවිල්ලා ගේ වට කළා කියලා කොහේවත් ගිහිල්ලා හැංගෙන්න එපා කියලා ජනාධිපතිතුමාට කියනවා.
නිතිඥ චරිත් ගල්හේන
සමාජ මාධ්‍ය හරහා පුද්ගලයන්ගේ අදහස් හුවමාරු කර ගැනීමේ අයිතිය වාරණය කර තිබෙන අවස්ථාවක අපි මේ කතා කරන්නේ. මේ වෙනකොට ජනතාවට තිබෙන පීඩනයන් පිට කිරීමේ මාධ්‍යයක් හැටියට සමාජ මාධ්‍ය ජාලා හරහා අදහස් ප්‍රකාශ කිරීමත් උද්ඝෝෂණ කිරීමත් සිදුකරනවා. මේ නිසා ජනතාවගේ ප්‍රශ්න පාලකයන් වෙත සන්නිවේදනය කරන්නත් හැකි වෙනවා. ජනතාව දුක් විඳිනකොට, පෝලිම්වල ඉන්නකොට හෙලිකොප්ටර් උඩු ගුවනේ කැරකෙන ආකාරය අපි දකිනවා. හමුදාවේ සහ පොලීසියේ සහෝදරවරුන්ට දෙන්න පණිවුඩයක් අපිට තිබෙනවා. මිරිහාන සිද්ධියෙන් පසුව තමන්ගේ පුතාව ඉන්න තැනක් හොයාගන්න බැරිවුණු අම්ම කෙනෙක් අපට කතා කළා. ඇයගේ මහත්තයා හමුදාවේ වැඩකළ කෙනෙක්. ඒ පුතාගේ නෝනට දරුවෙක් හම්බ වෙන්න ඉන්න බව කීවා. ආරක්‍ෂක අංශවල ඉන්න හැම කෙනෙක්ම යුනිෆෝම් එක් ගලවන දවසක් එන බව තේරුම් ගන්න ඕනෑ. අපට ඒ අම්මා කිවු කතාව තමන්ගේ අම්මගේ කතාව වෙන්න පුළුවන්. තමන්ගේ බිරිඳගේ කතාව වෙන්න පුළුවන්. තමන්ගේ දරුවා වෙනුවෙන් අනාගතයේ දවසක කියන කතාව වෙන්නත් පුළුවන්. ගිනිඅවි අරගෙන පාරේ රාජකාරී කරන අවස්ථාවේ තමන්ගේ අම්මා තාත්තා, බිරිඳ පෝලිමේ දුක් විඳිනවා වෙන්න පුලුවන්. ඒ නිසා පැවරී තිබෙන රාජකාරිය විතරක් කරන්න කියලා අපි අවධාරණය කරනවා.