නුගේගොඩ සිට නාවින්න දක්වා දිවෙන පරණ කොට්ටාව පාර, එදිරිසිංහ පාර මංසන්දියේ පිහිටි ට්‍රාන්ස්පෝමරයක් සහිත අධිබලැති විදුලි රැහැන් කණුවකට නැගි පුද්ගලයකු ඉන් ඇදවැටිමෙන් පසු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 53ක්වු එදිරිසිංහ පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුවේ. ඔහු වෘත්තියෙන් විදුලි කාර්මිකයකු වන බවට අනාවරණය වන අතර විදුලි රැහැන් කණුවකට නගින අවස්ථාවේ අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බවට පොලිසිය සැකකරනු ලබයි. මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මිරිහාන මූලස්ථාන පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතියි.