උද්ඝෝෂණයක් අතරතුර කාකි ඇඳුමකින් සෑරසුනු පුද්ගලයකු කළු පැහැති ජැකට්ටුවක් සහ සුදු පැහැති ආරක්ෂක හිස් වැසුමක් පැළැඳ මෙගා ෆෝන් යන්ත්‍රයක් ආධාරයෙන් රැස්ව සිටින පිරිස අමතා යුනිෆෝම් ඇඳන් හිටියත් අපිත් ඔයාලත් එක්ක තමයි යනුවෙන් ප්‍රකාශයක් සිදුකර වීඩියෝ පටයක් මේවනවිට සමාජ මාධ්‍ය ජාලා වල ප්‍රචාරය වෙමින් පවතී.
මෙම වීඩියෝපටයේ කාකි ඇඳුමින් සැරසී ඉහත ප්‍රකාශය සිදුකරන පුද්ගලයා පොලිස් නිලධාරියෙකු බවට මෙතෙක් අනාවරණයවී නොමැති අතර ඔහු වෙනත් සේවයක නිලධාරියකු හෝ වෙනත් පුද්ගලයකුද යන්නත් අනාවරණය කරගැනීම සඳහා මේවනවිට පොලිස්ම විමර්ශනයක් ක්‍රියාත්මක වෙමින් පවතී,