පොලිස් විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒ්කකය11හි නිලධාරි කණ්ඩායමක් මාලඹේ පොලිස් වසමේ හෝකන්දර උතුර ප්‍රදේශයේදි කේරළ ගංජා ජාවාරමෙන් උපයාගත් මුදල් බවට සැකකෙරෙන මුදල් ළඟ තබාගැනීම යන වැරැදි යටතේ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධ මර්දන ඒ්කකය 11හි නිලධාරි කණ්ඩායමක් මුල්ලෙරියාව පොලිස් වසමේ උඩහමුල්ල, මුල්ලෙරියාව ප්‍රදේශයේදී කේරළ ගංජා ළඟ තබාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.
වාකරේ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් එම පොලිස් වසමේ කන්ඩල්අඩි ප්‍රදේශයේදී නීති විරෝධි මත්පැන් (ස්ප්‍රීතු) සහ නීති විරෝධි මත්පැන් පෙරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ.කුරුණෑගල කඳවුරේ නිලධාරි පිරිසක් පන්නල පොලිස් වසමේ පල්ලේගම/කු එලිබිච්චිය, අර්නස්වත්ත ප්‍රදේශයේදී නීති විරෝධි මත්පැන් සහ නීති විරෝධි මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ.

