28.8 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeUncategorizedජනතාවගේ අත්‍යාවශ්‍යතා ඉටුනොවීම නිසා විවිධ ස්ථානවල ජන විරෝධාතා මතුවි තිබෙනවා. රට රකින...

ජනතාවගේ අත්‍යාවශ්‍යතා ඉටුනොවීම නිසා විවිධ ස්ථානවල ජන විරෝධාතා මතුවි තිබෙනවා. රට රකින ජනහඬ සංවිධානයේ සභාපති, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තේට්ටුවේ ආනන්ද නාහිමියෝ ප්‍රකාශ කරති.

රටේ බොහෝ ස්ථානවල විරෝධතා, රැළි පැවැත්වෙමින් තිබේ. මෙසේ මහජනතාව පාරට බැස ඇත්තේ ආණ්ඩුව ඩැහැ ගැනීමේ අදහසින් නොවේ. ඔවුන්ගේ ප්‍රධාන අවශ්‍යතාවය ආහාරපාන, ඉන්ධන, ආලෝකය යන ප්‍රධාන කරුණු මුල්කරගෙන බව රට රකින ජනහඬ සංවිධානයේ සභාපති, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තේට්ටුවේ ආනන්ද නාහිමියෝ ප්‍රකාශ කරති.

ජනතාව මෙසේ හඬනගා රජයෙන් ඉල්ලා සිටින්නේ තමන්ට පෙර පරිදි නිදහසේ ජීවත් වීමට ඉඩලබාදෙන ලෙසයි. අද රටේ අස්සක් මුල්ලක් නෑරම මහා උද්ඝෝෂණ රැල්ලක් මේ ආකාරයෙන් පවත්වාගෙන යන්නේ එකවරම ජනතාවට විදුලිය නොමැතිවීම, ගෑස් නොමැතිවීම හා රොකට් වේගයෙන් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිල ඉහල යෑම ආදිය සැළකිල්ලට ගෙනය.

රටක පාලක පක්ෂයේ වගකීම ජනතාව සුඛිත මුදිතව ජීවත් කරවීමයි. අද අපේ ආර්ථික දුෂ්කරතාවයක් වෙනදාටත් වඩා පැන නැගි ඇතිබව නොරහසකී. ඒ ආර්ථික දුෂ්කරතාවයට හේතව නම් අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල ඉහල නග්ගවා ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමයි. ජනතාවට පවත්නා තත්ත්වය පිළිබඳ කරුණු පහදා දී ජනතා මතයට ඇහුම්කන් දීම පාලකයින්ගේ වගකීම වනු ඇත. බුදුන් වහන්සේ පවා කෑමදි බණ කියන්න යන අවවාදය අපේ බණ පොත්වලද සඳහන් වී ඇත. එබැවින් දැන්වත් සැළකිල්ලට ගෙන ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් කප්පාදු නොකොට ඉදිරි පියවර ගැනීමට අවධානය යොමු කරන්නේ නම් ජනතාවගේ විරෝධතාවයන්ද සන්සුන් කර ගැනීමට හැකිවන බව අපේ විශ්වාසයයි.

ප්‍රජාවට මතයට කන්නොදී කටයුතු කළ පාලකයන් පිළිබඳ අපේ ඉතිහාසයේ මැනවින් පෙන්වාදි ඇති හෙයින් වත්මන් පාලකයන් මේ පිළිබඳ අවධානය යොමු කළ යුතු බව සිහිපත් කරවමු. තවද ජනතාවට සත්‍ය එළි දක්වන මාධ්‍යවේදීන්ට පහර දී ඔවුන් නිහඬ කිරීම ජනතා හිතවාදි ආණ්ඩුවකට තරම් නොවන ක්‍රියාවන් බව මෙහිදි පෙන්වා දෙමු.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments