22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්දූෂිත රාජපක්ෂ ආණ්ඩුව එක්ක ආණ්ඩුකරණයක් නෑ- විපක්ෂ නායක සජිත් කියයි.

දූෂිත රාජපක්ෂ ආණ්ඩුව එක්ක ආණ්ඩුකරණයක් නෑ- විපක්ෂ නායක සජිත් කියයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව සමග කිසිදු එකගතාවයක් හෝ ආණ්ඩුකරණයකට සමගි ජනබලවේගය කිසිවිටෙකත් සූදානම් නැතිබව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව කියා සිටියේ අද(04) විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය අමතා විශේෂ ප්‍රකාශයක් කරමිනි.

කළයුත්තේ එක මොහොතක් නෑර ආණ්ඩුව පලවා හැරීම බව කී විපක්ෂ නායකතුමා  ඒ වෙනුවෙන් සමගි ජනබලවේගය සූදානම් බව පැවසීය.

ඒ හැර දූෂිත ආණ්ඩුව සමග කරන ඩීල් දේශපාලනය කිසිවිටෙකත් සමගි ජනබලවේගයෙන් සිදු නොවන බව කී විපක්ෂ නායකතුමා, යම් යම් බංකොලොත් කණ්ඩායම් ව්‍යාජ මත සමාජගත කරමින් සිටින බවත්, සමගි ජනබලවේගය ඒවාට නොසැලෙන බවත් කීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments