ඊයේ (13) දහවල් මිනුවන්ගොඩ සති පොළේ වෙළෙඳ මහතෙකුට යම් පුද්ගලයකු විසින් රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලබාදී තිබුණා. මේ සම්බන්ධව පොලිසියට තොරතුරු ලැබීමත් සමග ඒම සැකකරුව පොලිසිය අත්අඩංගුවට ගත්තා. එම අවස්ථාවේදීම ඔහු ළඟ තිබුණා රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු තිස් හතරක්.
පසුව තවදුරටත් ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදි ඔහුගේ වෙළෙඳ ව්‍යාපාරික ස්ථානයක් තිබුණා ගම්පහ ප්‍රදේශයේ ඡායාරූප රාමුකරන ස්ථානයක්. එම ස්ථානය පරීක්ෂා කිරීමේදි රුපියල් පන්දහසේ නෝට්ටු අටක් හා රුපියල් දහසේ නෝට්ටු හතරක් අත්අඩංගුවට ගත්තා. එම ස්ථානය මෙම ව්‍යාජ නෝට්ටු සකස් කිරීමට යොදාගන්නා ස්ථානය බවට හඳුනා ගත්තා. ඒ් සඳහා භාවිතා කළ මුද්‍රණ යන්ත්‍ර එකක් , පරිගණක යන්ත්‍රයක් , බාහිර දත්ත ගබඩාවක්. ජංගම දත්ත ගබඩා දෙකක්, ජංගම දුරකතන හතරක් පොලිස් නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ පුද්ගලයා වයස අවුරුද 29ක ගම්පහ දාරළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඒ්‌අනුව අද(14) ඔහුව ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙහි ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදිමට නියමිතයි. අපි මේ දිනවල දිගින් දිගටම ජනතාව දැනුවත් කළා මෙවැනි ව්‍යාජ නෝට්ටු අරගෙන විවිධ පුද්ගයන් පැමිණෙයි අවධානයෙන් සිටින්න කියලා. ඉදිරියේදීත් එවැනි පුද්ගලයන් මුදල් පිළිබඳ අවධානයෙන් සිටින්න කියලා පොලිසිය හැටියට ඉල්ලා සිටිනවා. ඔබට හැකි ලෙස මෙවැනි මුදල් නෝට්ටු හඳුනාගන්න සැළකිලිමත් වන්න.
ඒ් අනුව සියලු වෙළෙඳ මහතුන්ගෙනුත් ජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා මේවැනි වංචනික පුද්ගලයින් හඳුනාගෙන ළඟම සිටින පොලිස් නිලධාරියාට හා පොලිසියට දැනුම් දෙන ලෙස පොලිසිය අවශ්‍ය නෛතික කටයුතු කිරීමට සුූදානම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරයි.