25.6 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්දකුණු මුහුදේ දී  නාවික හමුදා භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ දළ වටිනාකම රුපියල්...

දකුණු මුහුදේ දී  නාවික හමුදා භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 6708කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

රුපියල් මිලියන 6200 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය  කිලෝ ග්‍රෑම් 325ක පමණ තොගයක් දකුණු මුහුදේ දී  නාවික හමුදා භාරයට’ යන සිරස්තලය යටතේ 2022 අප්‍රේල් 13 වන දින 1114 පැයට නිකුත්කළ පුවත හා සබැ‍ඳේ

උක්ත පුවතට අදාල  මෙහෙයුමේ දී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය සහ වටිනාකම ඒ සම්බන්ධ පසු විමර්ශණ වලදී  සංශෝධනය වී ඇති බැවින් උක්ත පුවත පහත පරිදි සංශෝදනය වේ.  

රුපියල් මිලියන 6610කට අධික වටිනාකමකින් යුත් පැකට් 300 අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ  330 ග්‍රෑම් 532 පමණ ප්‍රමාණයක් හා රුපියල් මිලියන 98කට අධික වටිනාකමකින් යුත්  පැකට් 10 ක අසුරන ලද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 09 ග්‍රෑම් 818 පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ඒ අනුව මෙම අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ දළ විථි වටිනාමක රුපියල් මිලියන 6708කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

ReplyReply allForward
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments