පොලිස් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන් පිරිසක් මුල්ලෙරියාව පොලිස් වසමේ වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 712ක් ළඟ තබාගැනීමේ සහ ජාවාරම් කිරීමේ වරදට අයකු අත්අඩංගුවට ගෙන තිබේ.
පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් දොම්පේ පොලිස් වසමේ වැටලීමක් සිදුකර නීති විරෝධි මත්ද්‍රව්‍ය වන වියළි ගංජා ග්‍රෑම් 4.92ක් සහ අයිස් ග්‍රෑම්1.70ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. වැලිකඩ බන්ධනාගාර කඳවුරේ නිලධාරි පිරිසක් රැඳවියන් සෝදිසි කිරීමේදි ළඟ තිබියදී ගෑස් පුරවන ලැබු ලයිටර් දෙකක් සොයා ගෙන ඇත. මහනුවර කඳවුරේ නිලධාරි පිරිසක් මැණික්හින්න පොලිස් වසමේ වැටලීමක් සිදුකර හෙරොයින් මිලිග්‍රෑම් 160ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.