විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක එච්.ජී.එස්.සී. නිශ්ශංක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (17) අංක 142/2, අඹතලේ පාර, කැළණිමුල්ල, අංගොඩ යන ලිපිනයේ දී ගංජා මිශ්‍රිත මදන මෝදක කිලෝ ග්‍රෑමි 01, ග්‍රෑමි 300, මාවා නිෂ්පාදනයට ගන්නා අහිත කර රසායනික ද්‍රව්‍යක් වන Ineerapanna බෝතල් 05, මාවා කිලෝ ග්‍රෑමි 15 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය බවට සැකකරන මත්ද්‍රව්‍ය ග්‍රෑමි 625 ක් සන්තකයේ තබාගෙන සිට් වයස අවුරුදු 25 ක් වන අංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුල්ලේරියාව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මදන මෝදක, මාවා, අයිස් මත්ද්‍රව්‍ය සහ ශරීරයට අහිතකර Ineerapanna ළඟ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
RELATED ARTICLES