හෙරොයින් ග්‍රෑම් විසිහතක් හා මිලිග්‍රෑම් පනහක් හා සැකකරුවන් පහක් මෝදර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෝදර පොලිස් වසමේ ලෙල්ලම, ගල්වල හන්දිය ධවර සිංහාරාම හන්දිය, රොක්හවුස් පටුමග හා මොස්කි පටුමග ප්‍රදේශවල මෝදර පොලිස් ස්ථානයේ නිලධාරින් වෙත ලැබුණු තොරතුරක් මත වැටලීම් පහක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 5ක්මිලිග්‍රෑම් 550ක්,හෙරොයින් ග්‍රෑම් 5ක් මිලිග්‍රෑම්300ක්,හෙරොයින් ග්‍රෑම් 5ක් මිලිග්‍රෑම්450ක්,හෙරොයින් ග්‍රෑම් 5ක් මිලිග්‍රෑම් 400ක් හා හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 350ක් සමග සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදි අත්අඩංගුවට ගත් මුළු හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් විසිහතයි, මිලිග්‍රෑම් පනහකී.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 31,22,35,,38 හා 27 යන වයස්වල පදිංචි මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. සැකකරුවන් (19) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මෝදර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
කඩවත පොලිස් වසමේ කඩවත මහා විද්‍යාලයේ අසලදී විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන කඩවත පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත. බොරැල්ල පොලිස් වසමේ හල්ගහවත්ත ප්‍රදේශයේදී කොළඹ දකුණ කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒ්කකයේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් අනුව වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් විසි එකක් හා මිලිග්‍රෑම් හැටක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන බොරැල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ. අත්අඩංගුවට ගත් අය වයස අවුරුදු 36ක්වු බොරැල්ල පදිංචිකරුවෙකි. ඔහුව (19) මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. කඩවත ගලහේන ප්‍රදේශයේදි කඩවත පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් අනුව වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 06ක් මිලිග්‍රෑම් 200ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු (19) මහර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කඩවත මංකඩ පාර ප්‍රදේශයේදී කඩවත පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත වැටලිමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 400ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් අය වයස අවුරුදු 32ක්වු වත්තල පදිංචිකරුවෙකි. සැකකරු මහර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර ප්‍රදේශයේ දි එම පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව වැටලිමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 5ක් හා මිලිග්‍රෑම්100ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු 37ක්වු රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලිසිය මෙහෙයවනු ලබයි.
කෑගල්ල පොලිස් වසමේ දේවාලේවත්ත ප්‍රදේශයේ කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව වැටලිමක් සිදුකර පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් පස් දෙනකු කැණීම් උපකරණ සහ පූජාභාණ්ඩ සමග අත්අඩංගුවට ගෙන කෑගල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් 43,39,හා 62 යන වයස්වනල අයවෙති. සැකකරුවන් (19) කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.