20.7 C
Sri Lanka
Saturday, June 7, 2025
Homeදේශීය පුවත්police newsරුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් ගජමුතු 06ක් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් ගජමුතු 06ක් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් ගජමුතු 06ක් ළඟ තබාගෙන එය වැඩි මුදලට අලෙවි කිරීමට උත්සහ කිරීමේදී පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ

විශේෂ කාර්ය බලකාය තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන්ට ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක ඒ.එච්.එල්. දිල්ශාන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (17) හිගුරාන ප්‍රදේශයේ දී ගජමුතු 06 ක් ළඟ තබාගෙන එවා ඉතා සූක්ෂම ලෙස ගනුදෙනු කරුවන් හට වැඩි මුදලට අලෙවි කිරීමට උත්සහ කරමින් සිට් වයස අවුරුදු 26 ක් වන වඩිනාගල, අම්පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දමන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments