23.1 C
Sri Lanka
Saturday, June 7, 2025
Homeදේශීය පුවත්පවතින අර්බුදකාරී තත්ත්වයට පාර්ලිමේන්තුව තුළ  කෙටි කාලීන සහ දිගු කාලීන විසදුම් සෙවීමට...

පවතින අර්බුදකාරී තත්ත්වයට පාර්ලිමේන්තුව තුළ  කෙටි කාලීන සහ දිගු කාලීන විසදුම් සෙවීමට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් .

පවතින අර්බුදකාරී තත්ත්වයට පාර්ලිමේන්තුව තුළ කෙටිකාලීන සහ දිගු කාලීන විසදුම් සෙවීම සදහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ආරාධනයෙන් පක්ෂ නායකයන් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ සාමාජිකයෝ අද (18) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී රැස්විය.

එහිදී දීර්ඝකාලීන පියවරක් වශයෙන් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමටත් කෙටි කාලීනව 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමෙන් පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමටත් මෙහිදී පක්ෂ නායකයන් ගණනාවක්  අදහස් පළ කළහ. මේඅනුව මෙහිදී පසුගිය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබූ ඇතැම් සාධනීය ප්‍රතිපාදන බලාත්මක කිරීම පිළිබදවත් සාකච්ඡා විය. 

එසේම වත්මන් තත්ත්වය තුළ ජනතාව අපේක්ෂා කරන ඇතැම් සාධනීය යෝජනාවන් රැසක් පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයට යටත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීති සංශෝධනය කිරීම,  විගණකාධිපතිවරයාට දේශපාලන පක්ෂ විගණනය කිරීමට හැකිවන පරිදි සංශෝධන සිදුකිරීම, රාජ්‍ය කොන්ත්‍රාත්  සඳහා ලංසු කැඳවීමකින් තොරව භාණ්ඩ හා සේවා ලබා ගැනීම තහනම් කිරීම සහ රජයේ කොන්ත්‍රාත් තුළට විනිවිද භාවය තහවුරු කිරීම සඳහා සංශෝධන, දේශපාලඥයන් සහ  ඔවුන්ගේ ඥාතීන් හෝ රාජ්‍ය සේවකයන් විසින් අනීතිකව උපයා විදේශ බැංකු හෝ මූල්‍ය ආයතනයන්හි තැන්පත් කර ඇති බවට හෙළි වන වත්කම් රජයට පවරා ගත හැකි වන පරිදි අණ පනත් සංශෝධනය, ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට සහ ජනාධිපතිධුරයට පත් කිරීම තහනම් කිරීම  ඇතුළු  යෝජනා රැසක් මීට අයත් වේ. 

රටේ පුරවැසියන් අපේක්ෂා කරන්නේ යහපැවැත්මට ප්‍රමුඛත්වය දෙන දක්ෂ, දූෂණයෙන්  තොර පාලනයක් බැවින් ඒ සඳහා  සියලු පක්ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විවිධ ස්ථර නියෝජනය කරන මහජන නියෝජිතයන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවත් ඒ අනුව ඒ සදහා අවශ්‍ය  ඉදිරි පියවර කඩිනමින් ගැනීමට සියලු දෙනා එක්වන ලෙසත් කතානායකවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments