පොලිස් විශේෂ කාර්ය බලකාය මෙහෙයුම් ඒ්කකය 11හි නිලධාරි කණ්ඩායමක් කේරළ ගංජා ළඟ තබාගෙන සිටි අයකු (25)අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා හංවැල්ල පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ.
පුත්තලම කඳවුරේ නිලධාරී පිරිසක් අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පුත්තලම පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. පුවරසන්කූලම් කඳවුරේ නිලධාරි පිරිසක් මඩුරක්ෂිතයට අනවසරයෙන් ඇතුළුවි කැබ්රථයකින් බුරුත දැව කඳන් තොගයක් ප්‍රවාහනයට සූදානම් කර තිබියදි සැකකරුවන් නැතිව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා මඩුඅඩවිවන කාර්යාලය වෙත භාරදි තිබේ. ශාස්ත්‍රවෙල කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව හැඩඔයෙහි වැලි කැණීම් කර ට්‍රැක්ටර් රථයකට පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පානම පොලිස් ස්ථානය වෙතභාරදි තිබේ. පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් ටිපර් රථ මගින් පස් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කොස්ගම පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. ගම්පොළ කඳවුරේ නිලධාරි පිරිසක් හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා එම පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ. බුද්ධි කොට්ඨාසයේ නිලධාරි පිරිසක් කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධව පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා මීගොඩ පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ.