23.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPපාර්ලිමේන්තුවේ දෙසියවිසිපහ මේ අවස්ථාවේ දේශපාලන වාද විවාද නවත්වා ජනතාවගේ අත්‍යඅවශ්‍යතා කඩිනමින් ඉටුකරන්න.ජාතික...

පාර්ලිමේන්තුවේ දෙසියවිසිපහ මේ අවස්ථාවේ දේශපාලන වාද විවාද නවත්වා ජනතාවගේ අත්‍යඅවශ්‍යතා කඩිනමින් ඉටුකරන්න.ජාතික යොවුන් කමිටුව

පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු දෙසිය විසිපහෙන්ම ඉල්ලා සිටින්නේ ඔයගොල්ලන්ගේ වාද විවාද , විවාද දේශපාලන රණ්ඩු පසුවට කල් දමා දැන්වත් ශ්‍රී ලාකික ජාතියේ නාමයෙන් එකඟතාවයකට පැමිණ ජාතික සැලසුමක් වාහම සකස් කොට ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන්න කඩිනමින් ක්‍රියාකරන්න යැයි ජාතික යොවුන් කමිටුව ඉතාම ඕනේකමින් ඉල්ලා සිටින බව එහි ජාතික සංවිධායක,මෘදුකාංඟ ඉංජිනේරු තරිඳු ලියනගේ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඉකුත්(24) කොළඹ 07, ජෙට්වින් හි පැවැත් ජාතික තරුණ කමිටුවේ විශේෂ සාකච්ඡාවකින් පසුව මාධය වෙත අදහස් දක්වවින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු සංවිධායකවරයා මෙසේද කීය………අපේ ජාතික කමිටුව පිහිටුවාගනු ලැබුවේ අරමුණු දෙකක් ඇතිවයි. පළමු එක තමයි මුදල් අමාත්‍යාංශය හා මහා බැංකුව සමග සම්බන්ධවෙලා අපිට දැනගන්න ඕනේ මේ අවස්ථාවේ රටේ තිබෙන ආර්ථික අර්බුදයෙන් මිදෙන්න තිබෙන සැලසුම කුමක්ද කියලා. අපි ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලට ගිහිල්ලා තිබෙනවා. ඒ අය අපේ රටට උදව්කරන්න කැමතියි කියලා ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඒ අය ඉල්ලුවේ අපේ ණයගෙවීමේ තිරසාර වැඩපිළිවෙල කුමක්ද කියලයි. එම සැලසුම ඇමැති මණ්ඬලයට ඉදිරිපත්වෙලා නැති අතර ඒ නිසා පාර්ලිමේන්තුවටත් ඉදිරිපත්වෙලා නැහැ. ඒ නිසා ගිය අයට ඒ ගැන කතා කරන්න බැහැ. මට මතකයි ඉකුත් අවුරුදු සමයට කලින් මන්ත්‍රිවරයෙක් පැවසුවා අපි අවුරුද්දට නිවාඩු යන්නේ නැතිව මේ සඳහා කටයුතු කොට යම් සම්මුතියකට පැමිණෙමු එකඟතාවයට එමු කියලා. එම එකඟතාවය අනුව කටයුතු කරමු කියලා. ඇත්තටම අපිට දැන් නිවාඩු යන්න වෙලාවක් නැහැ. අපි සියලු දෙනා එකතුවෙලා , ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලත් සමග එකතුවෙලා මේ ආර්ථික අර්බුදයෙන් ගැලවෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයට විසඳුමක් සෙවිය යුතුයි. .ඒ සැලැස්ම අපි ජනතාවට දැනුම් දිය යුතුයි. ඒ සැලසුම අපි ජීවත්වන ක්‍රමවේදයට බලපෑමක් සිදුවෙනාවා. අපේ විදේශ සංචිත ඩොලර් මිලියන සීයකටත් අඩු ප්‍රමාණයක්. ඒ අනුව අපි ඉදිරි සති දෙක තුනකින් පසු ජීවත්වෙනනේ කොහොමද. දැනට ලෝක බැංකුව ඖෂධ ගැනීමට ඩොලර් මිලියන විස්සක් දෙනවා කියලා තිබෙනවා. එහෙත් අපි ආහාර සපයා ගන්නේ කොහොමද අවධානය යොමු කළ යුතුයි. අද ධනවතුන් අහාර වසරකට පමණ රැස්කර තිබෙන බව ආරංචියක් තිබෙනවා. සාමාන්‍ය ජනතාව ජීවත්වනනේ කොහොමද. මෙහෙම ගියොත් අපි එකිනෙකාට කොපමණ ආදරය කළත් අවසානයේ එකිනෙකා මරාගන්න තත්ත්වයට පත්වෙනවා.

ඒ නිසා අපි පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් දෙසිය විසිපහනේම ඉල්ලා සිටින්නේ ඔයගොල්ලන්ගේ රණ්ඩු, වාද විවාද සියල්ල පසුව විසඳාගන්න හැබැයි මේ අවස්ථාවේ එකමුතු වෙලා, එකඟතාවයකට ඇවිල්ලා රටට විසඳුමක් ලබාදී, එය පැහැදිලිව ක්‍රියාත්මක කරන්න. එවැනි විසඳුමක් නැත්නම් අපිට තව මාසයකින් පමණ පස්සේ ජීවත්වෙන්න ක්‍රමයක් නැති වෙනවා.

ජාතික යොවුන් කමිජුවේ දේශමාන්‍ය ශිරාස් යූනස් මහතා……..ජාතික තරුණ කමිටුව පිහිටුනක්ක අපි කල්පනා කළේ රටේ ඇතිවි තිබෙන වර්තමාන අර්බුදකාරි තත්ත්වය මත තරුණ තරුණයින් පාරට බැහැලා අරගල කිරීමට පෙළඹි තිබෙනවා. ඒ නිසා රටේ තරුණතරුණයින්ගේ අදහස්, ක්‍රියාකාරකම් ලබාගැනීම කුමන ආකාරයට සිදුවිය යුතුද, එයට ජාති, ආගම්, දේශපාලන ඇතුළු කිසිම බේදයක් නැතිව ක්‍රියාකරන්නේ කොහාමද කියලා වැඩපිළිවෙලක් සකස් කරන්න තමයි මෙම කමිටුව සකස්වුණේ.

අද අපිට පේනවා අරගලයක් පැවැත්වෙමින් තිබෙනවා. ගාලුමුවදොර අරගලයක් යනවා.රටේ අනෙක් පැතිවලත් යම් යම් ප්‍රමාණයේ අරගල පැවැත්වෙමින් තිබෙනවා. සාමකාමි අරගල යායුතුයි. ඉන් පණිවුඩයක් යායුත්තේ ව්‍යවස්ථාදායකයටයි. ඒ අනුව පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු දෙසිය විසිපහම එකතුවෙලා ඉතාම සීඝ්‍රයෙන් මේ අර්බුදයට ලබාදිය හැකි විසදුම් හා සහන මොනවාදැයි වාහාම සොයාගත යුතුයි. දැන් ඒ අය කරන්නේ රටේ ජනතාව අපහසුතාවයට පත්වි සිටින මේ අවස්ථාවේ තවමත් එකිනෙකාට ඇඟිල්ල දිගු කරගනිමින් , පාර්ලිමේන්තුවේ ආපනශාලාවට යනවා එනවා.

මේ අය බලන්න ඕනේ ඉදිරියට ඇතිවන තත්ත්වය කුමක් වේද. මෙහිදි වැදගත් වන්නේ ආණ්ඩුකිරීම නොවේ ආණ්ඩුකරන ගමන් මේ ආර්ථික අර්බුදයෙන් ගැලවෙන්නේ කොහොමද කියන එකයි. ඊට කව්රුත් හරියට අදහස් දෙන්නේ නැහැ. දැනට පාර්ලිමේන්තුවේ සිදුකළ කතාවලින් වැඩපිළිවෙලක් ඉදිරිපත් කළේ හිටපු අගමැති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී , එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතායි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු බොහෝමයක් තම තමන්ගේ ගොට්ට බේරාගැනීමටත්, ගොඩ බේරාගැනීමටත් තමයි පාර්ලිමේන්තුව රැස්වු පසුගිය කාලයේ අපි දැක්කේ. ඒ අයට එහෙම කිරීමට වැඩපිළිවෙලක් නැති බව තමයි මින් පැහැදිලි වෙන්නේ. මේ අය පත් කළේ ජනතාව නිසා ජනතාවත් මීට වගකිව යුතුයි. ඒ නිසා මේ අවස්ථාවේ දේශපාලන පක්ෂ නායකයින් බරපතල වගකීමක් තිබෙනවා. ඉදිරි මැතිවරණ වලදි නාමයෝජනාදීමෙදී මේ නායකයින් සැළකිලිමත් විය යුතුයි. කාවද මැතිවරණවලට ඉදිරිපත් කරන්නේ කියලා. පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමැතිවරුන්ට තමන්ගේ දරුවන්ගේ අනාගතය විතරයි අවශ්‍ය වෙන්නේ රටේ දරුවන්ගේ අනාගතය අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් සිදුවන දේවලින් පැහැදිලි වෙන්නේ ඒකයි. දැන්වත් කල්පනා කරලා අලුත් තරුණයින් ඉදිරිපත් වෙලා හරි රට යහමගට ගත්තේ නැත්නම් අපිට යළි යටත් විජිතවාදි ක්‍රමයකට ගොස් අධිරාජ්‍යවාදීන්ට යටත් වෙන්න සිදුවෙනවා.

ඒ නිසා ජාතික තරුණ කමිටුව ආර්ථික විශේෂඥයින්, විවිධ වෘත්තිකයින්, ව්‍යාපාරිකයින් ඇතුළු නොයෙකුත් දැනුම ඇති තරුණ තරුණයින් රැසකින් සමන්විත අතර අපේ එකම රට මේ ආර්ථික අර්බුදයෙන් ගලවා ගැනීමට යම් දායකත්වයක් ලබාදීම පමණයි. අපිට රටෙන් ලබා ගන්න කිසිම දෙයක් නැහැ.

මේ අවස්ථාවට සියලු දේශපාලන පක්ෂවලට අයත් තරුණ සාමාජික සාමාජිකාවන් ද එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments