රාජ්‍ය,අර්ධරාජ්‍ය, පෞද්ගලික අංශ හාවතු යන සියලු වෘත්තිය සමිති සමග එක්ව ‘ජනමතයට හිස නමනු’, ‘වැඩබැරි ආණ්ඩුව ගෙදර යනු’ යන තේමාව ඔස්සේ අද(28) විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කරමින් එක්දින වැඩවර්ජනයක් ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානය ප්‍රකාශ කර සිටියි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් ‘දිනමිණ’ වෙත අදහස් දැක්වු එම වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු උදේණි දිසානායක මහතා ……. අද දිනයේ වෘත්තීය සමිති දහසක් පමණ එක්ව මෙම වැඩවර්ජනය සාර්ථක කරගැනීමට කටයුතු කර තිබෙනවා. ලබන (06) හර්තාල් දිනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර දේශාපලන පක්ෂ හා වෘත්තීය සමිති ඒ් සඳහා එක්ව සිටිනවා. මේ ආකාරයට කටයුතු කිරීමේදි ආණ්ඩුව ඊට ඇහුම්කන් නොදි සිටියොත් රාජ්‍ය සේවය අකර්මණ්‍ය තත්ත්වයට පත් කිරීමට සිදුවෙනවා.