රුපියල් එක්කොටි හැටලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් සුදු හඳුන් ළඟ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදික සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (26) උඩවලව, මිරිස්වැල්පොත හංදිය, කොළඹගෙආර ලිපිනයේ පිහිටි බ්ලොක් ගල් නිෂ්පාදනය කරන වැඩබිමක් තුළ නීති විරෝධී ලෙස රුපියල් එක්කොටි හැටලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් සුදු හඳුන් ශාක කොටස් කිලෝග්‍රෑම් 787 ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම්කිරීම සම්බන්ධයෙන් කොළඹගෙආර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 හා 47 පසුවන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇඹිලිපිටිය අඩවි වන කාර්යාලය වෙත භාර දී ඇත.

