විශේෂ කාර්ය බලකාය තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අණදෙන නිලධාරී නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි උපපොලිස් පරීක්ෂක ඒ.එච්.එල්. දිල්ශාන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අම්පාර කදවුරේ නිලධාරින් කණ්ඩායමක් සමග ඒකාබද්ධව (06) අම්පාර පොලිස් වසමේ අම්පාර බස් නැවතුම්පොල අසල දී ගජමුතු 02 ක් සමග පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
විශාල මුදලකට අලෙවි කිරීමේ අරමුණින් මෙම ගජ මුතු රැගෙන පැමිණ ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අවු. 25 ත් 40 ත් අතර පසුවන බටුවිට, දෙල්විට හා හොරණ ප්‍රදේශයේ පදිංචි කරුවන් වේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්පාර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
තවද (04) විශේෂ කාර්ය බලකාය කල්මුණ හා අරුගම්බේ කඳවුරු මගින් සිදුකල වැටලීමක් දී ගජමුතු 07 ක් මුතු 06 ක් අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගත් වයස අවු. 36 ක පොතුවිල් ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොතුවිල් පොලිස් ස්ථානයට භාර දී ඇත.
ගෝනහේන කඳවුරේ නිලධාරි පිරිසක් හෙරොයින් සහ කේරළ ගංජා ළඟ තබා ගැනීමේ සහ ජාවාරම් කිරීමේ වදරදට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත. කතරගම කඳවුරේ නිලධාරි පිරිසක් වැටලිමක් සිදුකර විදේශීය රටක නිෂ්පාදිත බෝර12 අංකය අපහැදිලි සොට්ගන් වර්ගයේ ගිණි අවියක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. ත්‍රීකුණාමලය කඳවුරේ නිලධාරි පිරිසක් හෙරොයින් මිලිග්‍රෑම් 310ක් ළඟ තබා ගැනීමේ වරදට අයකු සමග එම දේපළ අත්අඩංගුවට ගෙන ඇත. ඒම කඳවුරේ නිලධාරින් විසින්ම හෙරොයින් මිලිග්‍රෑම් 900ක් ළඟ තබා ගැනීමේ වරදට අයක් එම භාණ්ඩ සමග අත්අඩංගුවට ගෙන තිබේ. පුවරසන්කූලම් කඳවුරේ නිලධාරී කණ්ඩායමක් රක්ෂිතයෙන් අනවසරයෙන් කපා ප්‍රවාහනය කරමින් තිබු විවිධ ප්‍රමාණයෙන් යුතු බුරුත දැව කඳන් දහයක් හා ටාටා කැබ් රථ එකක් අත්අඩංගුවට ගෙන ඇත. වව්නියාව තඳවුරේ නිලධාරීන් පිරිසක් නීති විරෝධි මත්පෙති ජාවාරම් සිදුකිරීම යන වරද යටතේ නීති විරෝධි මත් කරල් හැටක් සමග අයකු අත්අඩංගුවට ගෙන තිබේ.