Würth Lanka සහ ජර්මන් සංවර්ධන බැංකුව DEG/KfW විසින් සම-අරමුදල් සපයන ලද සහ Nucleus පදනම විසින් ක්‍රියාත්මක කරන ලද ‘Technipreneurs Lanka’ ශ්‍රී ලාංකේය ශිල්පීන් අතර වෘත්තීයභාවය සහ ව්‍යවසායකත්වය ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරන ව්‍යාපෘතියකි. ශ්‍රී ලංකාව සඳහා දක්ෂ හා ආර්ථික වශයෙන් ස්වාධීන ශිල්පීන් බිහිකිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
2020 දී ‘Technipreneurs Lanka’ දියත් කළ දා සිට, දේශීය ඉදිකිරීම් සහ නඩත්තු ක්ෂේත්‍රයේ ශිල්පීන් තාක්‍ෂණිකයින් බවට පත් කිරීමටත්, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ (VTA) පුහුණුකරුවන් 20 දෙනෙකුට පුහුණුකරුවන් (ToT) සහ ව්‍යාපාර ප්‍රනීතභාවය පිළිබඳ පුහුණුවක් ලබා දීම සඳහාත් මෙම ව්‍යාපෘතිය ඉවහල් විය.
ඉදිරි මාසවලදී, සිසුන් 80 කට වැඩි පිරිසක් ඇලුමිනියම් නිෂ්පාදකයින් සහ වායු සමීකරණ අලුත්වැඩියා සහ නඩත්තු කාර්මිකයන් ලෙස සුදුසුකම් ලැබීමට පුහුණුවක් ලබනු ඇත. Technipreneurs හි තරඟකාරිත්වය වැඩි කිරීම සඳහා, ඩිජිටල් ජංගම/වෙබ් වේදිකාවක් නිර්මාණය කරනු ලබන අතර, එහිදී සුදුසුකම්ලත් ශිල්පීන්ට ලියාපදිංචි වී ඔවුන්ගේ සේවාවන් පාරිභෝගිකයින්ට අලෙවි කළ හැකිය.
‘Technipreneurs Lanka’ ව්‍යාපෘතිය සදහා VTA මගින් සියලු පහසුකම් සපයනු ලබන අතර, Nucleus Foundation විසින් එය ක්‍රියාත්මක කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත කණ්ඩායම (AHK Sri Lanka) මෙම ව්‍යාපෘතියේ සහතික කිරීමේ හවුල්කරුවා වන අතර ප්‍රවේශ අවශ්‍යතා, විභාග ව්‍යුහය සම්බන්ධයෙන් ජර්මානු ප්‍රමිතීන් මත පදනම්ව එකඟ වූ ප්‍රමිතීන්ට අනුව පුහුණුව, අධීක්ෂණය සහ සහතික කිරීමේ වගකීම ද දරයි. AHK සහතිකය ශ්‍රී ලාංකේය ශිල්පීන්ගේ තරඟකාරිත්වය ඉහළ නැංවීම අරමුණු කර ගෙන සිදු කරනු ලබයි.
2022 මැයි 05 වන අද දින නාරාහේන්පිට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ පැවති උපාධි ප්‍රදානෝත්සවයේදී තාක්ෂණ ප්‍රවීන පුහුණුව සාර්ථකව නිම කර, කර්මාන්ත සදහා සුදානම් විදුලි කාර්මිකයන් සහ වෙල්ඩර්වරුන් ලෙස සිසුන් 27 දෙනෙකුට ජාත්‍යන්තර පිළිගත් වටිනා උපාධි සහතිකයක් හා රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනාකමක් ඇති මෙවලම් කට්ටලයක් (Toolkit) ද ප්‍රදානය කරන ලදි.
මෙම අවස්ථාව සදහා VTA වෙනුවෙන් සභාපති/ප්‍රධාන විධායක නිලධාරී එරංග බස්නායක මහතා, උපසභාපති මහේෂ් ආරියරත්න මහතා, අධ්‍යක්ෂ (වෘත්තීය මාර්ගෝපදේශන හා ප්‍රවර්ධන) චන්දන විදානපතිරණ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූ අතර, Würth Lanka Pvt Ltd හි කළමණාකාර අධ්‍යක්ෂ Rohan Amirthiah මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.



