23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනීති විරෝධි මත්ද්‍රව්‍ය හා අනවසර මැණික් ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

නීති විරෝධි මත්ද්‍රව්‍ය හා අනවසර මැණික් ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් පිරිසක් කේරළ ගංජා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. එහි වැඩිදුර විමර්ශන සඳහා නිට්ටඹුව පොලිස් ස්ථානය වෙත භාරදි ඇත.
සෙට්ටිකුලම් කඳවුරේ නිලධාරි පිරිසක් කේරළ ගංජා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා එම පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ. අම්පාර කඳවුරේ නිලධාරි පිරිසක් කේරළ ගංජා ළඟ තබාගෙන සිටි අයකුත් අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වෙල්ලාවලි පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. පුලියන්කුලම කඳවුරේ නිලධාරි පිරිසක් මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා ඔ්මන්ත පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ.පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් සිදුකළ වැටලීම් දෙකකදී අනවසරයෙන් මැණික් ගරමින් සිටි සිව්දෙනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, ප්‍රාදේශීය කාර්යාලයේ එන්.ටි.සමරතුංග මහතා වෙත භාරදි ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments