ඇමරිකානු ඩොලර් 47,000 ක් විශුද්ධීකරණය කිරීමේ වරදට පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ 1හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායේ අණදෙන නීතිඥ වරුන ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ මෙහෙයුමි භාරව කටයුතු කරන සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.වී.එල්. විජයරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (14) බොරලැස්ගමුව පොලිස් වසමේ ජී.එච්. පෙරේරා මාවත, බොරලැස්ගමුව ලිපිනයේ දී සහ පිල්ලෑව පන්සල අසල දී ඇමරිකානු ඩොලර් 47,000 ක් (රුපියල් 17,155,000.00) මුදල් විශුද්ධීකරණය.
බැංකු ගත නොකර උන්ඩියල් ක්‍රමයට දැනට පවතින ඩොලරයේ වටිනාකමට වැඩි වටිනාකමකට පුද්ගලයන්ට ඩොලර් අලවි කිරීමේ වරදට පුද්ගලයකු සහ ඒ සඳහා ආධාර අනුබල දුන් බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක සහ වයස අවුරුදු 52 ක පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වන කිරුළපන නීති විරෝධී වත්කම් විමර්ෂණ කොට්ඨාශය වෙත භාර දී ඇත. (මෙම උන්ඩියල් ක්‍රමය ග්‍රී ලංකාවෙි විවිධ ප්‍රදේශවල සිදුකර බවට විශාල තොරතුරු ප්‍රමාණයක් විශේෂ කාර්ය බලකාය වෙත ලැබීඇති අතර එම බුද්ධි තොරතුරු අනුව විශේෂ කාර්ය බලකාය නිරතුරුව ඉදිරයේ දිවයින පුරා වැටලිමි සිදුකිරිමට නියමිතයි ඉහත උන්ඩියල් ක්‍රමය හේතුවෙන් ශ්‍රී ලංකාව විශාල ඩොලර් හිගයකට මුහුණ දී ඇත)
පුරාවස්තු සොයමින් සිටි පුද්ගලයන් පස් දෙනකු එම භාණ්ඩ සමග විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කදවුර අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක එම්.බි.එම්.ජේ.එස්. බණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (12) රාත්‍රි බුත්තල පොලිස් වසමේ ලංකා චයිනිස් හෝටලය පිටුපස දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක පොලිස් ඇදිරි නිති කාලය තුලදි කැණීම් සිදුකරන ලැබු බුත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24,51 අතර වයසේ පසුවන පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බුත්තල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
එහිදී ලැප්ටොප් පරිගණකයක් ,හිල්ටි කැණිම් යන්ත්‍රයක් වතුරමොටර් සවල් සහ පුජා භාණ්ඩ යකඩ ඉනි ඇතුළු භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගෙන ඇත .
මේ අතර පොලිස් ඇදිරිනීතිය කාලයතුල රජයේ මත්පැන් බලපත්‍ර නොමැතිව සත්තකයේ තබාගෙන ප්‍රවාහනය කල පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ කාර්ය බලකාය හපුතලේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව දෙවන කදවුර අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ජී.ඒ.බී. ලලින්ද ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (12) හපුතලේ පොලිස් වසමේ හපුතලේ දඹේතැන්න මාර්ගයේ හපුතලේ මුස්ලිම් පල්ලිය අසල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී බලපත්‍ර නොමැතිව රජයේ අනුමත අරක්කු සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කරමින් සිටි හපුතලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හපුතලේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මි.ලී. 750 බැගින්වු විශේෂ අරක්කු බෝතල් 35 යි,ත්‍රීරෝද රථ 01 යි. (UP ABD 7791) එහිදි අත්අඩංගුවට ගෙන තිබේ.