ශ්‍රී ලංකාව සහ සත්කාරක බංග්ලාදේශය අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ප්‍රථම දිනට චොට්ටොග්‍රාම්හිදී පැවැත්විය.
අද දිනය සඳහා තරගය නතර කරන විට පළමුවෙන් පන්දුවට පහර දෙන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 258කි.
තරගයේ කාසියේ වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙල කඩුලු 2 ලකුණු 66කදී බිද වැටුණි.
නායක දිමුත් කරුණාරත්න ලකුණු 9කට දැවී ගිය අතර ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දු ලකුණු 36යි.
අනතුරුව පිටියේ ස්ථාවර වූ කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් තුන්වැනි කඩුල්ලට ලකුණු 92ක සබඳතාවක් ගොඩනැගුවේය.
13 වැනි ටෙස්ට් අර්ධ ශතකය ද සමගින් මෙන්ඩිස් ලකුණු 54ක් ලබා ගත්තේය.
ධනංජය ද සිල්වා ලකුණු 6කට දැවී ගියේය.
12 වැනි ටෙස්ට් ශතකය රැස් කළ ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 114යි.
4 පහර 14ක් සහ 6 පහරක් ඊට ඇතුළත් විය.
මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් 5 වැනි කඩුල්ලට ලකුණු 75ක නොබිඳුණු සබඳතාවක් ගොඩනගා සිටී.
චන්දිමාල් නොදැවී ලකුණු 34යි.
නයීම් හසන් කඩුලු 2ක් දවා ගත්තේය.