ඉන්දියාවෙි සිට නීති විරෝධීව මෙරටට රැගෙන ආ කේරළ ගංජා සමග පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ මෙහෙයුම් භාරව කටයුතු කරන සහකාර පොලිස් අධිකාරි ඒ. පි.යු කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් ඒකකය II හි නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක එෆ්.එම්. මධුර ඇතුළු නිලධාරී කණ්ඩායමක් (17) ගොතටුව පොලිස් වසමේ අංක 700/එෆ් ආඩ්හේන පාර කොටිකාවත්ත අංගොඩ යන ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඉන්දියාවෙි සිට බහුදින මුහුදු යාත්‍රා මගින් නීති විරෝධීව හොර රහසේ මෙරටට රැගෙන එනලද රුපියල් ලක්ෂ හතරකට වැඩිවටිනාකමින් යුතු කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 03 ක් සන්තකයේ තබාගෙන සිටි අංගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගොතටුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරිමෙිදී මෙසේ රගෙන එන මෙම කේරළ ගංජා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ගැනුමි කරුවන්ට අධික මිලගණන් යවතේ අලෙවි කරන බවට ප්‍රකාශ කර ඇත.