21 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPඅරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති විරෝධතාවයට සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැති විරෝධතාවයට...

අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති විරෝධතාවයට සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැති විරෝධතාවයට පහරදීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයට නීතිපති උපදෙස්.

අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති විරෝධතාවයට සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැති විරෝධතාවයට පහරදීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරගෙන යනු ලබන විමර්ශනයට අදාළව නීතිපති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත (09) උපදෙස් ලබාදී ඇත.

එම උපදෙස් අනුව විමර්ශනවලදී දැනටමත් මෙම සිද්ධින්ට සම්බන්ධ විය හැකි බවට හඳුනාගෙන ඇති පුද්ගලයන් විසි දෙදනකුගේ නාම ලේඛනයක් යොමුකරමින් ඔවුන් මෙම අපරාධවලට සම්බන්ධ බවට සාධාරණ සැකයක් ජනිත වන්නේද යන්න සසම්බන්ධව තවදුරටත් විමර්ශනය කිරීම සඳහා උපදෙස් ලබාදී ඇත.

එම නීතිපති උපදෙස් අනුව තවදුරටත් විමර්ශන පවත්වා ප්‍රගතිය නීතිපති වෙත වාර්තා කිරීමටත් අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ විධිවිධාන අනුව අවශ්‍ය අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත් පොලිස්පති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජ්‍ය පොලිස්පති වෙත උපදෙස් ලබාදි ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments