පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදි (18) බුද්ධි කොට්ඨාසයේ නිලධාරි පිරිසක් මෝදර පොලිස් වසමේ වැටලිම් දෙකක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ.
පුලියන්කූලම කඳවුරේ නිලධාරි කණ්ඩායම් දෙකක් කඳවුරුබල ප්‍රදේශයේ ස්ථාන දෙකකදි ජංගම සංචාර හා ක්ෂණික මාර්ග බාධක රාජකාරියන් සිදුකර ඇති අතර බීමතින් පැමිණි අයකු අණ නොතකා සැකකටයුතු ලෙස යතුරු පැදියක් ධාවනය කිරීම හේතුවෙන් යතුරු පැදිය සමග එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. පරයනාලන්කූලම් කඳවුරේ නිලධාරි පිරිසක් අඩම්පන් පොලිස් වසමේ වැටලිම් දෙකක් සිදුකර ඇති අතර බලපත්‍රයක් නැති මඩු රක්ෂිතයට ඇතුළුවි එයට හානි සිදුකරමින් ගස් කපා වැටකණු සකස්කර ප්‍රවාහනයට සූදානම් කරමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. බුත්තල කඳවුරේ නිලධාරි පිරිසක් මොණරාගල පොලිස් වසමේදී බලපත්‍ර නැතිව ජංගම ඉරුම්හලක් පවත්වාගෙන ගිය දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. බුත්තල කඳවුරේ නිලධාරි පිරිසක් තණමල්විල පොලිස් වසමේ වැටලීම් දෙකක් සිදුකර නීතී විරෝධි ලෙස අක්කරයක් හා අක්කර එකහාමාරක පමණ භූමි ප්‍රමාණ වල ගංජා වගාවන් දෙකක් සැකකරුවන් නැතිව අත්අඩංගුවට ගෙන තිබේ. තංගල්ල කඳවුරේ නිලධාරි කණ්ඩායමක් මිද්දෙණිය පොලිස් වසමේදි ජංගම සංචාර රාජකාරියක යෙදි සිටින අවස්ථාවක (SP BIJ-4210) දරණ ඩියෝ වර්ගයේ යතුරුපැදිය දමා පලාගොස් තිබේ. යතුරු පැදිය පරීක්ෂා කිරීමේදි කේරළ ගංජා ග්‍රෑම් 215ක් සොයාගත් අතර යතුරු පැදිය අත්අඩංගුවට ගෙන ඇත. කතරගම කඳවුරේ නිලධාරි කණ්ඩායමක් තිස්සමහරාම පොලිස් වසමේ දි මෙරට නිෂ්පාදිත බෝර 12 උණ්ඩ යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිණි අවියක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.