ජන අරගලයේ අභිලාෂයන් ජයග්‍රහණය කිරීමේ ක්‍රියාමාර්ග, ආණ්ඩුව විසින් උද්ඝෝෂකයන්ට එරෙහිව මුදා හරින මර්දනය සම්බන්ධ වැඩපිළිවෙළ හා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් විපක්ෂයේ දේශපාලන පක්ෂ හා වාමාංශික පක්ෂ සමග සාකච්ඡාවක් ආරම්භ කර තිබෙන බව එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා top news asia වෙත ප්‍රකාශ කළේය.
ඒ් අනුව ඉකුත් (14) වැනිදා දේශපාලන පක්ෂ වෙත ආරාධනා කළේය. පසුව (16) 43 සේනාංකය සමගද, (17) වැනිදා එක්සත් සමාජවාදී පක්ෂය සමගද 18 උදෑසන සමාජවාදී ජනතා සංසදය, ( 18 දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡාවක්ද සමගි ජන බලවේගය සමග සාකච්ඡාවක්ද පැවැත්විය. . දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡාව වැල්ලවත්ත, දයා පාරේ එම පක්ෂයේ කාර්‍යාලයේ පැවැත්විණි. සමගි ජන බලවේගයේ සාකච්ඡාව කොළඹ 8, මාකස් ප්‍රනාන්දු මාවතේ, අංක 40 ස්ථානයේ පිහිටි විපක්ෂ නායක කාර්‍යාලයේ පැවැත්විණි. සාකච්ඡාවක් සඳහා ජනතා විමුක්ති පෙරමුණටද ආරාධනා කර ලිපියක් යැවූ අතර පවතින තත්වය තුළ අවබෝධයකින් කටයුතු කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ සමග ඉක්මනින් සාකච්ඡාවක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව මෙම සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජයගොඩ මහතා වැඩිදුටත් පැවසීය.