පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදි (22) පුලියන්කුලම කඳවුරේ නිලධාරි පිරිසක් කරගරායන්කූලම් පොලිස් වසමේ පුදුක්කුලම් කැලෑබද ප්‍රදේශයේ සඟවා තිබු මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන ගිණි අවියක් සොයාගෙන ඇත.
යුද හමුදා බුද්ධි අංශ නිලධාරින්ගෙන් ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය වව්නතිව් කඳවුරේ නිලධාරින් පිරිසක් වාච්චේන පොලිස් වසමේ වාලච්චේන ධීවර වරාය ප්‍රදේශයේ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ.මෙහෙයුම් අංශ 111හි නිලධාරි පිරිසක් ශාන්ත ජේම්ස් මහල් නිවාස සංකීර්ණ මෝදර ලිපිනයේ පිහිටි නිවසකදී අයිස්(ක්‍රිස්ටල්) ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු කිඹුලා අලේ ගුණා නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපමතයෙක්වේ.