අපරාධ රැසකට අවශ්‍යව සිටි සංවිධානාත්මක සොර කල්ලියක් මෙහෙයවු පාතාලයකු
විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය ii හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ස්ථානාධිපති පොලිස් පරික්ෂක සී.ආර්. පාරමුල්ලගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (27) ජාඇල පොලිස් වසමේ අංක 190, A දැඩුගම, ජාඇල නිවසේ දී වැටලීමක් සිදුකර
මොඩල් ගෘෆ් ඇන්ඩ් කම්පැනි, දඩුගම, ජාඇල ලිපිනයේ පිහිටි ආයතනයෙන් සොරකම් කර භාණ්ඩ ළඟ තබාගෙන සිටි වයස අවුරුදු 53ක ජාඇල පුද්ගලයකු ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජාඇල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අත්අංඩගුවට ගත් පුද්ගලයාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරිමෙිදී ජාඇල මිනුවන්ගොඩ මීගමුව කදාන ප්‍රදේශයේ වෙළද ආයතන හා ගෙවල්බිදිමි බියවැද්දවීමි මංකොල්ලකෑමේ සිද්දි ඇතුළු අපරාද රැසක් කළ බවට අනාවරණය කරගෙන ඇත.
එහිදි වතුර මෝටරයක්, King Wash Gun එකක්, Hand Tool Box එකක්, Hans 4171 වර්ගයේ යතුරු පෙට්ටියක්, Air Compressor එකක්, කහ පැහැති වාහන පොලිෂර් යන්ත්‍රයක්, Electric Blower එකක්, ස්ප්‍රේ ගන් හතරක්, වාහන ජැක් දෙකක්, ඔයිල් කෑන් දහයක් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය පුලියන්කුලම කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට, අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත. ඒ් අනුව දෙවන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එම්.ඒ.පී. මාරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (27) වන කොඩිකාමන් පොලිස් වසමේ චෙක්වෙල් ප්‍රදේශයේ දී වැටලීමක් සිදු කර කේරළ ගංජා කිලෝ 02, ග්‍රෑම් 900 ක් සන්තකයේ තබාගෙන සිටි කොත්ජෙලි බටහිර, මිරිසුවිල් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොඩිකාමන් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය තවත් වැටලීම් සිදුකරමින් පුවරසන්කුලම් කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ වේලන්කුලම් ප්‍රදේශයේදි මෙරට මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් සොයාගෙන තිබේ. පරයතාලන්කූලම් කඳවුරේ නිලධාරින් පිරිසක් මඩු පොලිස් වසමේ පෙරියපණ්ඩිවිරිච්චාන් ප්‍රදේශයේ ඉකුත් යුද සමයේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සඟවා තබන්නට ඇතැයි සැකකරන පුද්ගල නාශක පීඩක බෝම්බයක් අත්අඩංගුවට ගෙන තිබේ. වාකරේ කඳවුරේ නිලධාරී පිරිසක් එම පොලිස් වසමේ පාල්චේත කලපුව ප්‍රදේශයේදි නීතී විරෝධි මත්පැන් සහ මත්පැන් පෙරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. කුරුණෑගල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් එම පොලිස් වසමේ සාරගම සීතාඇළවත්ත ප්‍රදේශයේදි හෙරොයින් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. පස්සර කඳවුරේ නිලධාරී පිරිසක් බලපත්‍ර නැතිව පතල් කැණීම් කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා ලුණුගල පොලිස් ස්ථානය වෙත භාරදි ඇත.