26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedශ්‍රී ලංකා රතු කුරුස සමාජය මානුෂීය ආධාර ලබා දෙන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන්...

ශ්‍රී ලංකා රතු කුරුස සමාජය මානුෂීය ආධාර ලබා දෙන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලයි .

ශ්‍රී ලංකාව මුහුණ ඵ් ඇති අර්බුදයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකීය ජනතාවට මානුෂීය ආධාර සපයන ලෙස ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සිය සහෝදර රතු කුරුස සමාජ ,ආධාර ලබාදෙන සහෝදර රටවල් ,මානුෂීය ආධාර සපයන ආයතන සහ ලොව පුරා විහිදී සිටින දෙස් විදෙස් ජනතාවගෙන් ඉල්ලීමක් පසුගිය දා සිදු කරනු ලැබු අතර එහිදි විශේෂයෙන් ඖෂධ ලබාගැනීම සඳහා සුභදායි ප්‍රතිචාර ලැබි ඇතැයි එහි සභාපති ජගත් අබේසිංහ මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉදිරියේදී ඖෂධ ලබා ගැනීම වෙනුවෙන් සාර්ථක වැඩපිළිවෙළක් සකස් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇතිබවට දැඩි විශ්වාසයක් තිබෙන බවයි.

විශේෂයෙන් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සහ ජනතාවට ලබා දිය හැකි ක්ෂණික ආධාර මේ සඳහා ඇතුළත් ය .
දැනටමත් අන්තර්ජාතික රතුකුරුස සහ රතු වනසන් සම්මේලනය ස්විස් ප්‍රෑන්ක් ලක්ෂ 7 ක මුදලක් මේ සඳහා ලබා දී ඇත .එමගින් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ලබාගැනීම සහ ජනතාවට ක්ෂණික ආධාර ලබාදීම සිදුකරනු ඇත.
සිංගප්පූරු රතු කුරුස සමාජය සහ චීන රතු කුරුස සමාජය දැනටමත් පීඩාවට පත් පවුල් සඳහා අත්‍යවශ්‍ය ආහාර ලබාදීමට සහයෝගය ලබා දී ඇත .සිංගප්පූරු රතු කුරුස සමාජය ඖෂධ වර්ග ලබාදීම සඳහා ජාත්‍යන්තර ඉල්ලීමක් ද සිදු කර තිබේ .
ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය ඖෂධ ලබාදීම වෙනුවෙන් ජාත්‍යන්තර ආධාර ලබාදෙන ආයතන කීපයක් සහ විවිධ රටවල වෙසෙන ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ඒ පිළිබඳ සාර්ථක සාකච්ඡාවක නිරත වෙමින් සිටී .

මෙම ලබාදෙන ආධාර ලාංකීය ජන ජීවිතය යථා තත්ත්වයෙන් ලැබීමට පිටුවහලක් වන බවට ශ්‍රී ලංකා රතු කුරුස සමාජය විශ්වාස කරයි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments