ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් (Michael Appleton) මහතා (ජූනි 02) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හමුවීම සඳහා බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙත පැමිණියේ ය. එහිදී ෙමරට උද්ගතව ඇති ආර්ථික අර්බුදය, තරුණ විරෝධතා පිළිබඳ සහ ඒ සඳහා ලබා දිය හැකි විසඳුම් සම්බන්ධයෙන් මෙන් ම රටේ පවත්නා ආර්ථික, සමාජයීය තත්ත්වය ආදී කරුණු පිළිබඳ විශේෂෙයන් සාකච්ඡා විය.
තව ද ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවත්නා ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම, ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත මුහුදු සීමා හරහා අනවසරෙයන් ශ්‍රී ලාංකිකයින් සංක්‍රමණය වීම යන කරුණු සම්බන්ධෙයන් එහිදී අවධානය යොමුවිය. මෙම සාකච්ඡාවේදී නවසීලන්ත මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ කටයුතු සඳහා නවසීලන්ත රජයේ උපරිම සහය ලබා දෙන අතර ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්ගේ සුභසාධනය සඳහා අවශ්‍ය සහය ද ලබා දෙන බව ය. නව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්වීම පිළිබඳ නවසීලන්ත මහ කොමසාරිස්වරයා සිය සුභාශිංසන පළ කිරීම ද එහිදී සිදුවිය. මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා ද එක් විය