දේශීය ඖෂධ නිෂ්පාදනය අධෛර්‍යට පත් කරමින් සිටින ඖෂධ නියාමන අධිකාරිය වැනි ආයතන පිළිබද අප වඩාත් සැලකිලිමත් වන්නේ සහ ශ්‍රි ලංකාවේ ඖෂධ අර්බුදයට ඔවුන් වගකිව යුතු බව අප නැවත නැවතත් අවධාරණය කරනු ලබන්නේ, ඖෂධ සදහා මෙලෙස වැයවන අනවශ්‍ය මුදල් කන්දරාව, රට තුල ඖෂධ හිගයක් ඇතිවීමට සහ ඖෂධ මිලදී ගැනීම සදහා මුදල් අහේනියක් ඇති වීමට මෙම තත්වය සෘජු ලෙසම් බලපාන බැවින් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් ප්‍රකාශ කරයි.
මසකට ඩොලර් 240000 ක් ඉතිරි කර කොලෙස්ටරෝල් පෙත්ත නිපදවිය හැකි සමාගම රට තුල තිබියදී, ඒවා අධෛර්‍යට පත් කොට, ඉන්දීයාව වැනි රටකින් අතිශය වැඩි මුලදලකට ඖෂධ මිලදී ගැනීමට සිදු වන්නේනම්, ශ්‍රී ලාංකවේ සෞඛ්‍ය යාන්ත්‍රණ හසුරුවන සියලුම ආයතන, ඒවායේ ප්‍රධාන නියාමකයින් සහ දේශපාළණ හිතවත්කම් වලට ඔවුන්ව පත් කල පාළකයින් සෘජුවම ඊට වගකිව යුතුය.
අගමැති ධූර, ජනපති ධූර සහ සෞඛ්‍ය අමාත්‍ය ධූර වෙනස් වූවාට, ක්‍රමය වෙනස් වී නොමැති බව තේරුම් ගැනීම සදහා ද මෙය ඉතා හොද නිදසුනක් බැවින්, මෙවන් තීරණ පිළිබදව මීට වඩා සැලකිල්ල වර්තමාන අගමැතිවරයා ඇතුලු අලුතින් රට කරවන්නට පැමිණි පාර්ශවයන්ට තිබිය යුතුය.