හෙරොයින් සමග සැකකරුවකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් (02) ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට ලැබුණු තොරතුරක් අනුව වැටලීමක් සිදුකර හෙරොයින් කිලො තුනක් හා ග්‍රෑම් පන්සීයක් ළඟ තබාගෙන සිටි වයස අවුරුදු විසිහතක්වු කොළඹ 15 පදිංචිකරුවෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.
පෑලිය ගොඩ පොලිස් වසමේ දුටුගැමුණු මාවත ප්‍රදේශයේදි එම පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් අනුව වැටලිමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් පහයි මිලිග්‍රෑම් තුන්සිය දහයක් ළඟ තබාගෙන සිටි සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හතළිස් දෙකක්වූ අයෙකී. (03) අලුත්කඩේ අධිකරණයට සැකකරු ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර විමර්ශන පෑලියගොඩ පොලිස් ස්ථානය සිදුකරයි.
බොරැල්ල පොලිස් වසමේ සරසවි පටුමගේ වැටලීම් සිදුකර ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකාය කඳවුරේ නිලධාරීන් වැටලිමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 54යි මිලිග්‍රෑම් 510ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන බොරැල්ල පොලිස් ස්ථානට ඉදිරිපත් කර තිබේ. සැකකරු වයස අවුරුදු තිහයක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකුවෙකි. සැකකරු මාලිගාකන්ද අධිකරණය වෙත (03) ඉදිරිපත් කෙරේ. බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්හන සිදුකරනු ලබයි.
බොරැල්ල පොලිස් වසමේ ආයුර්වේද වටරවුම ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත වැටලිමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මීලිග්‍රෑම් 600ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන බොරැල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ. අත්අඩංගුවට ගත් අය වයස අවුරුදු 36ක්වු මාලබේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු මාලිගාකන්ද අධිකරණය වෙත (03) ඉදිරිපත් කිරීමට නියමිතයි. වැඩිදුර පරික්ෂණ බොරැල්ල පොලිසිය සිදුකරයි.
කැලණිය පොලිස් ස්ථානයේ නිලධාරින් වෙත ලැබුණු තොරතුරක් මත කැලණිය පොලිස් වසමේ ලුවිස් මාවත ප්‍රදේශයේදිී වැටලිමක් සිදුකර කැලණිය පොලිස්ස්ථානයට වාර්තාවි තිබු කොල්ල කෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදනකු කොල්ලකන ත්‍රීරෝද රථයක් හා ජංගම දුරකතනයක්, සමග අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සතුව තිබි අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 200ක් සොයාගෙන ඇත. සැකකරුවන් වයස අවුරුදු 22 හා 24 ක්වු කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති සැකරුවන් (03) මහර අධිකරණය වෙත ඉදිරීපත් කර තිබෙන අතර වැඩිදුර විමර්ශන කැලණිය පොලිසිය සිදුකරයි.
අපරාධ රැසකට අවශ්‍යව සිටි සැකකරුවෙකු හෙරෙයින් සමග මිනුවන්ගොඩ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. දහවල් කාලයේ මිනුවන්ගොඩ පොලිස් වසමේ යාකඩමුල්ල ප්‍රදේශයේ මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින් වෙත ලැබුණු තොරතුරක් මත වැටලිමක් සිදුකර එම පොලිස් ස්ථානයට වාර්තාවි තිබු කාන්තාවකගේ හිසට මන්නා පිහියකින් පහරීම , ගෑස් සිලින්ඩර් දෙකක් සොරකම් කිරීම, හා ජංගම දුරකතන 2ක් සොකරම් කිරීම යන අපරාධ තුනකට අවශ්‍යකර සිටි සැකකරුවකු හෙරොයින් ග්‍රෑම් 5ක් හා මිලිග්‍රෑම් 200ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක්වු හීනටියන ප්‍රදේශයේ පදිංචිකුවෙකි. සැකකරුව (03) මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි වැඩිදුර පරීක්ෂණ මිනුවන්ගොඩ පොලිසිය සිදුකරයි.
නීති විරෝධි ලෙස ඉන්ධන අලෙවිකළ සැකකරුවෙක කටුගස්තොට පොලිස් ස්ථානය අත්අඩංගුවට ගෙන ඇත. කටුගස්තොට පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත වැටලිමක් සිදුකර එම පොලිස් වසමේ ජම්බුගහපිටිය ප්‍රදේශයක වෙළඳ සැලක නීති විරෝධි ලෙස ඉන්ධන අලෙවිකළ වයස අවුරදු 73ක අයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ළඟ තිබි පෙට්ට්‍රල් ලීටර් 24 මිලි ලිටර් 750ක් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු (07) මහනුවර අධිකරණය පෙනි සිටින ලෙස දන්වා ඇප මත මුදාහැර ඇත.