21.9 C
Sri Lanka
Tuesday, June 24, 2025
HomeTOPප්‍රවාහන ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා ජුනි මස 15 දින සිට ව්‍යුහාත්මක වෙනස්කම් ඇති...

ප්‍රවාහන ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා ජුනි මස 15 දින සිට ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කරනවා- ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

ප්‍රවාහන ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා ජුනි මස 15 දින සිට ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කරන බව ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ඒ් මහතා මේ බව සඳහන් කළේ ඉකුත්(04) වර්තමානයේ රට තුළ පවතින පොදු ප්‍රවාහන ගැටළු වලට කඩිනම් විසඳුම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග අමාත්‍යාංශයට අයත් ආයත ප්‍රධානීන් හා විෂයේ ප්‍රාමාණික දැනුමක් ඇති විද්වතුන් සමඟ සාකච්ඡාවක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැතී අවස්ථාවට එක්වෙමින්ය.

එහිදි වැඩිදුරටත් වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ඉන්ධන අර්බුදය හා උද්ධමනය හමුවේ ඉහළ යන ජීවන වියදම තුළ මඟී ජනතාව මුහුණ දෙන ප්‍රවාහන ගැටළු සඳහා පිළියමක් වශයෙන් කෙටි කාලයක් තුළ ගත යුතු ක්‍රියාමාර්ග රැසක් මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරිණි.
ඒ අනුව, එදිනෙදා කටයුතු සඳහා ප්‍රවාහන මාධ්‍ය භාවිතය මෙන්ම, කාර්යාලයීය දුම්රිය හා බස් රථ සේවා, පාසල් සිසුන් ප්‍රවාහන කටයුතු මෙන්ම අත්‍යවශ්‍ය සේවා ලබා ගැනීම සඳහා වන (ගිලන රථ ආදිය) ප්‍රවාහන සේවා දින කිහිපයක් තුළ වැඩිදියුණු කිරීමට අවශ්‍ය තීරණ මෙහිදී ගනු ලැබිණි.
එමෙන්ම ඉන්ධන අර්බුදයෙන් බැට කන ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ අඩු ඉන්ධන භාවිතයකින් වැඩි මඟීන් ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීම සඳහා ඒ ඒ අංශ වලට උපදෙස් ලබා දෙන ලදී.
ඒ අනුව, මෙම මස 15 වැනි දින වන විට අංශ කිහිපයක් යටතේ ප්‍රවාහන කටයුතු වැඩිදියුණු කිරීමට තීරණය කෙරිණි.
මංතීරු නීතිය වඩා ඵලදායී ලෙස නැවත ක්‍රියාත්මක කිරීම,කඩවත, මාකුඹුර, කටුබැද්ද බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ආශ්‍රිතව park and ride සේවා ආරම්භ කිරීම,පා පැදි භාවිතය ප්‍රචලිත කිරීම හා පාපැදි භාවිතා කරන්නන් සඳහා වාහන වැඩි මාර්ග වෙනුවට සමාන්තර මාර්ග හඳුන්වා දීම,නව කාර්යාලයීය දුම්රිය ඇතුළු නව දුම්රිය ගමන් වාර ආරම්භ කිරීම,බස් රථ සඳහා වෙන් කරමින් බැස්ටියන් මාවත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ලබා දීම,දැනට ධාවනය වන දුම්රිය සඳහා වැඩි මැදිරි සංඛ්‍යාවක් එක් කිරීම,පානදුර, රාගම ඇතුළු හඳුනාගත් දුම්රිය ස්ථාන ආශ්‍රිතව park and ride සේවාව ක්‍රියාත්මක කිරීම,සිසුසැරිය හා ග්‍රාමීය සේවා සඳහා නව බස්රථ ලබා දීම.

මෙම තීරණ මෙම මස 15 වැනි දින සිට ක්‍රියාත්මක කරමින් සමස්ත මඟී ජනතාවගේ ප්‍රවාහන ගැටළු සඳහා විසඳුම් ලබා දෙමින්, ඉන්ධන ගැටළුවට පිළියම් සැලසිය හැකි බවත් ඒ අනුව ඉදිරි කාලය තුළ තවදුරටත් ප්‍රවාහනය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ගත යුතු හා ගත හැකි සෑම පියවරක්ම ගැනීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡාව සඳහා මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අමල් කුමාරගේ මහතා ඇතුළු මහාචාර්ය හා ආචාර්යවරුන් ද, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් ද, පළාත් ප්‍රවාහන අධිකාරි වල උසස් නිලධාරීන් ද එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments