ඉකුත් මැයි (09) සිදුවු සිද්ධීන්ට අදාලව පුද්ගලයින් 2423ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ අධිකාරි නිහාල් තල්දූව මහතානේ ප්‍රකාශ කරයි.
එයින් සැකකරුවන් 1069 දෙනකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණ මගින් නියම කර තිබෙනවා. එමෙන්ම සිදුවීම් 856ක් සම්බන්ධව පොලිසියට වාර්තාවි තිබෙනවා. ඊයේ(04) මේ සඳහා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් සිදුවුණා. එහිදි 30ක් අත්අඩංගුවට ගත්තා. සැකකරුවන් 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කර තියෙනවා. පොලිසියේ හා අධිකරණයේ ඇප මත 30ක් නිදහස් වුණා. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොල්ලුපිටිය හා ගාලුමුවදොර සිදුවු සිද්ධීන් පිළිබඳ තවදුරටත් පරික්ෂණ සිදුකරනවා. එහිදි 26ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම නිලධාරීන් සාක්ෂි ප්‍රකාශ 727ක් සඳහන් කරගෙන තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල හා ඔහුගේ ආරක්ෂකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය මගින් විසිපස්දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ දිනයෙත් සැකකරුවන් දෙදනකු අත්අඩංගුවට ගත්තා. ඉන් එක් අයෙක් ත්‍රීරෝද රථ රියැදුරෙක් මන්ත්‍රීවරයා ඝාතනයවු ගොඩනැඟිල්ලේ ඉදිරිපිට ත්‍රීරෝද රථගාලේ ත්‍රීරොද පදින අයෙක්. අනෙක් අය හපුතලේ ප්‍රදේශයේ ස්ථීර පදිංචිකරුවෙක්. ඔහු එම ගොඩනැඟිල්ලේ තෙවන මහලේ කළමනාකරු ලෙස කටයුතු කරන පුද්ගලයාවේ. ඔවුන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ පිළිබඳ පරීක්ෂණ තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නි.පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ සිදුකිරීමට නියමිතයි. දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන හා කොට්ඨාස අපරාධ පරීක්ෂණ අංශ මගිනුත් පරික්ෂණ සිදුකරමින් මෙම පරීක්ෂණ කඩිනමින් සිදුකර අවසන් කිරීමට පියවර ගනිමින් සිටිනවා. පොලිස් මූලස්ථානය මේ සම්බන්ධව නිරන්තර අධීක්ෂණය කරමින් උපදෙස් ලබාදෙමින් කටයුතු කරනවා.