පිටකොටුව මැනිං වෙළඳපොළ විවෘත කිරීම අද (09) සිදුනොවූණේ යාබද මාර්ගවල කටයුතු කරන නාටාමිවරුන්ගේ සිදුකළ පී.සි.ආර්. පරීක්ෂණවල වාර්තාවලින් කොවිඩ්19 හෙවත් නව කොරෝනා වසංගත රෝගීන් හඳුනාගත් නිසා බව සීමාසහිත ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිංපොදු වෙළෙඳපොළ සංවිධානයේ ජාතික සංවිධායක එච්.එම්.උපසේන මහතා ප්‍රකාශ කරයි. මැනිං වෙළඳපොළ ඊයේ විවෘති කිරීමට නොහැකිවීම පිළිබඳ කිසිම පාර්ශවයකට චෝදනා එල්ල කළ නොහැකි අතර එය කාගෙත් යහපත සඳහා සිදුවූවක් බව හෙතෙම කියා සිටියි. කෙසේ වෙතත් මින් පසු මෙම වෙළඳපොළ විවෘත කිරීමේදී අවම වශයෙන් පැය තිස්හයකට පෙර ගොවි මහත්වරු ඇතුළු සියලු දෙනා දැනුවත් කොට ඊට සූදානම් විය යුතුවේ. එවිට ගොවි මහතුන් ඇතුළු සියලු දෙනාගේ කාර්යන් පහසුවෙනු ඇති බව ඒ මහතා පෙන්වාදෙයි. කොළඹ මහා නගර සභාවේ වෙළඳසැල් පරිපාලන අංශයේ ප්‍රධාන පරිපාලකගේ මෙහෙයවීමෙන් , ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අනුග්‍රහයෙන්, මැනිං වෙළඳපොළේ සාමාජිකයින් ස්වෙච්ඡා සහභාගිත්වයෙන් ඉකුත්(08) මැනිං වෙළඳපොළ සම්පූර්ණයෙන්ම විෂබිජ හරණයකට ලක් කළ බවද හෙතෙම කියා සිටියේය. ඒ අනුව මැනිං වෙළඳපොළ විවෘත කිරීමෙන් පසුව මුලින් ගත් තීරණය අනුව පැමිණෙන සියලුම පාරිභෝගික ජනතාව තමන්ගේ නම,ලිපිනය,දුරකතන අංකය හා ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් පත්‍රිකාවක් රැගෙනවිත් එම වෙළඳපොළේ දොරටුව වෙත ලබාදීමෙන් සහයෝගය දෙන මෙන් ඒ මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.
මැනිං වෙළඳපොළ විවෘත ෙනාකිරීම ගැන පැහැදිලි කිරීමක්
RELATED ARTICLES