24.6 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්ඌව පළාතේ සෞඛ්‍ය සේවිකාවන් 13 වන දා ලෙඩ ෙවති

ඌව පළාතේ සෞඛ්‍ය සේවිකාවන් 13 වන දා ලෙඩ ෙවති

ඌව පළාතේ සේවය නියුතු ක්ෂේත්‍ර පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට ගමන් වියදම් දීමනාව ඉකුත් ජනවාරියේ සිට මේ දක්වා ගෙවා නැති බැවින්  එම පළාත් සභාවේ සෞඛ්‍ය බලධාරින් තවමත් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බැවින්  පළමු වෘත්තීය ක්‍රියාමාර්ගය ලෙස ලබන (13) එම පළාතේ සියලුම පවුල් සෞඛ්‍ය සේවිකාවෝ ලෙඩ නිවාඩු දැමීමට තීරණය කර ඇති බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය පැවසුවාය. 
 
මේ සම්බන්ධයෙන් ඊයේ(09) නාරහේන්පිට පිහිටි එම සංගමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදි අදහස් දැක්වු සභාතිනිය මෙසේද කීය.........ඌව පළාතේ සේවය නියුතු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණීන් මෙවනවිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතව සිටිනවා. ඊට හේතුව වී තිබෙන්නේ ඌව පළාත් සභාවේ සේවය නියුතු ක්ෂේත්‍ර සේවාවල නියුතු සේවා නිලධාරිණීන් හාරසිය අසුහය දෙනකුගේ ගමන් වියදම් දීමනාව එම පළාත් සභාව නොගවීම නිසයි. 

ඒ නිසා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණීයන් තමන්ගේ ක්ෂේත්‍රයෙන් පිටත රාජකාරියක නියුතු වෙනවා නම් ගමන් වියදම් ගෙවිය යුතුයි. මේ ආකාරයට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණීන් තමන්ගේ අතේ මුදල් භාවිතා කරමින් සිය රාජකාරිය ඉටු කර තිබෙන අතර පළාත් සභාව එම  මුදල්  ලබාදී නැහැ. මෙය ඉතාමත් කණගාටුදායක තත්ත්වයක්. මන්ද මේ පවුල් සෞඛ්‍ය සෙවා නිලධාරිණින් පුංචි වැටුපක් තමයි ලබන්නේ. අද කොවිඩ්19 නව කොරෝනා වසංගතය හමුවේ සෑම මව්කෙනකුටම දුරකතන ඇමතුමක් ලබාදෙමින් තමයි ගෙන්වා ගන්න වෙලා තියෙන්නේ. ඒ අයට දුරකතන ගෙවීමක්වත් ලැබෙන්නේ නැහැ. අනෙකුත් පළාත් සභාවල පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණීන් ලබන වරප්‍රසාදවලින් 1%ක්වත් ඌව පළාත් සභාව තුල සේවය කරන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන් ලබන්නේ නැහැ. මෙවැනි තත්ත්වයක් මත තමන්ගේ අතේ මුදල් භාවිතා කරමින් ගමන් වියදම් වශයෙන් වියදම් කරගෙන ඒ මුදල් ලැබීම සිදුවන්නේ නැත්නම් ඉතා කණගාටුවන අතර එම පළාත් සභාවේ සෞඛ්‍ය බලධාරින් මීට වගකිව යුතුයි. 

ඒ නිසා තම ගමන් වියදම් ලබාදෙන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරණියන් සෞඛ්‍ය බලධාරින්ගේ කිහිප වතාවක්ම ඉල්ලා තිබෙනවා. ඔවුන් ඊට ඇහුම්කන් දෙන්නේ නැති නිසා මොනරාගල හා බදුල්ල පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන් එම පළාතේ හිටපු ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා සමග ඉකුත් ජූලි මාසයේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදි මාස දෙකෙන් ගෙවනවා කිව්වා එහෙත් තවම ගෙවා නැහැ. එම ගෙවීම කරන්න සූදානමක්වත් තිබෙන බව අපිට පෙනි යන්නේ නැහැ. අපි රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය හැටියට මීට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නවා කියලා වර්තමාන ආණ්ඩුකාරවරයාට දන්වා යැව්වා එහි පිටපත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් යැවීමට කටයුතු කළා. එහිදි වත්මන් ආණ්ඩුකාර මේ මාසයේ (08) සාකච්ඡාවකට කැඳෙව්වත් හදිසි අවස්ථාවක් කියලා ඒ සාකච්ඡාවක කල් දැම්මා. ඉන් පසු ශබ්දයක්වත් නැහැ. 

ඒ අනුව අපිට සිදුවෙනවා මෙම හිඟ මුදල නොගෙව්වොත් සම්පූර්ණයෙන්ම රාජකාරිවලින ඉවත් වෙන්න.ඒ අනුව දැනට ඉකුත් (12) සිට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන් තමන්ගේ බල ප්‍රදේශ ක්ෂේත්‍රයේ රාජකාරි කරන අතර ඉන් පිටත ක්ෂේත්‍ර සඳහා  රාජකාරිවලට  නොයන්න තීරණය කර තියෙනවා.ඒ නිසා එම පළාතේ  මාතෘ හා ලදරුළමා සායන ඇණහිට තියෙනවා. එක නිලධාරිණියකගෙන් සායනයක් කිරීමට නොහැකි නිසා. එමෙන්ම පූර්ව ප්‍රසව පෝෂණ සැසි, උපදේශන සැසි ඇණහිට තියෙනවා. එමෙන්ම වැඩබලන ක්ෂේත්‍රවලත් රාජකාරි කටයුතුවලින් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන් ඉවත්වි සිටිනවා.   
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments